(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින් වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත.
පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක් වශයෙනි.
නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩි වනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.
සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක්කෙරේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2000ක් දක්වා මෑතකදී වැඩි කෙරිණ. පාර්ලිමේන්තු ගෘහකාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(21) දහවල් රැස්විය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ කෑම බිල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල කෙරිණ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි
බකල ජයා Thursday, 22 May 2025 09:19 AM
මාසික කෑම බිල 1000යි. මං හිතන්නේ ඩොලර් වෙන්න ඇති.
saman Thursday, 22 May 2025 05:31 PM
පාර්ලිමේන්තු සාමාන්‍ය සේවකයින්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම වට්ටෝරුව (අයත් පිසූ නොපිසූ ආහාර මොනවාද) කෙසේද?
Jayasekara Thursday, 22 May 2025 09:41 AM
තවත් වැඩි කරන්න ඕනේ හරිනම්... මොකෝ අපි ඊට වඩා මාසෙකට කෑම වියදම් දරනවා ... පාර්ලිමේන්තුවේ කියලා අමුතු සහනයක් දෙන්න බෑනෙ... අපේ බදු මුදල් තමයි නිරපරාදේ වියදම් වෙන්නේ...
ලුම්බිණි Thursday, 22 May 2025 10:49 AM
පස් ගුනකින් වැඩිකළ යුතුයි .
Hasith Thursday, 22 May 2025 10:56 AM
විධායක ශ්‍රේණියේ කියන්නේ අවම ලක්ෂ 3ක් 4 ක් පඩි ගන්න මිනිස්සු නේද .රුපියල් 4000 ක් බිල මාසෙකට කියන්නේ එක දවසකට 200 යි .අපට එළියෙන් බනිස් එක්ක ප්ලේන් ටි එකක් බිව්වත් 200 ක් යනවානේ අද කාලේ
කපුරු හාමි Thursday, 22 May 2025 03:25 PM
හොඳටම මදි. මේ වෙනකම් උන් කාපු බීපු විදිය ගැන දන්නෝ හොඳාකාරවම දන්නවා...