IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති

(අංජුල මහික වීරරත්න)

රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ "මිණි ධන පදනම" මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ.

මෙම  මැණික් පුටුව නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට පූජා කෙරෙනු ඇත.

චුලෝදර- මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල් කර ගනිමින් ඇති කරගත් ගැටුම බුදුන් වහන්සේ විසින් සංසිඳවීම සිහිපත් කරමින්  නාගදීප රජමහා විහාරස්ථානයට මැණික් පුටුව පූජා කිරීමට "මිණි ධන පදනම අපේක්ෂා කරයි.

මෙම මැණික් පුටුව පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ආරම්භ කරමින් මැණික් පුටුව රැගත් රථ පෙරහර හෙට (3) රත්නපුර ඔරලෝසු කණුව අසලින් පෙරවරු 8.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

එදින හවස කැලණිය රජ මහා විහාරයට වැඩම කරවන මැණික් පුටුව පසුදා (4) උදෑසන වනතුරු කැලණි රජමහා විහාරයේ වන්දනාමානයට තැන්පත් කෙරෙයි.

පසු දින (4) උදෑසන මැණික් පුටුව දඹුල්ල රජමහා විහාරයටත්, 5 වැනි දා සවස රුවන්වැලි මහා සෑයටත් වැඩම කෙරේ. අනතුරුව 6 වැනිදා යාපනය නාග විහාරයට සහ 7 වැනිදා මුහුදු මාර්ගයෙන්  නාගදීප පුරාණ රජමහා විහාරයට මැණික් පුටුව  වැඩම කරවන බව නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ පැවසූහ.



අදහස් (17)

මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති

ලූට මූස් Monday, 02 June 2025 06:34 PM

පුටුවකට වන්දනා කරන්නේ මොන මෝඩ රැලක්ද?

:       0       0

පොඩිඑකා Monday, 02 June 2025 06:39 PM

මේකනං බුදුහාමුදුරුවෝවත් අනුමත කරන්නේ නැති මරි මෝඩ වැඩක්, අනික ඒක කැලණි රජමහා විහාරෙ වන්දනා කරන්න තියෙනවලු, පුටුවලට වදින්නේ මොන මෝඩයෝද? බුදු දහමටත් නිගාවක්. ඒ කෝටි සීය අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදාගන්න දුන්නා නම් කොච්චර වටිනවාද?

:       17       60

JayasekaraTuesday, 03 June 2025 09:23 AM

එහෙම කියන්න එපා… “අග්‍ර දෙයහි අගර විපාක ලැබේ” කියලා තමයි උන්වහන්සේ දේශනා කරේ. බුදුරජාණන්වහන්සේගේ දාන පාරමිතා බලය තවම සක්වළ පුරා පවතිනවා . ඒක උන්වහන්සේ පිරිනිවන් පෑවත් එහි විපාකය උන්වහන්සේට ලැබෙනවා . හැම ගෙදරකම මල් පහන් ගිලන් පසින් බුද්ධ පූජාවන් පවත්වන්නෙත් ඒ අනුහස් බලයෙන්. ඒ පූජාවන්ට ගරහන්න එපා

:       1       4

ගුණරත්නTuesday, 03 June 2025 10:18 AM

බුදුන්වහන්සේගේ කාලයේ ජේතවනාරාමය මිලදී ගත්තේ රත්රන් කාසි බිම අතුරලා!

:       0       4

පොඩිඑකාTuesday, 03 June 2025 12:17 PM

හැම දේම අගුණ දකින අගුණරතන, ජේතවනාරාමෙ පූජාකලේ බුදුන් ඇතුළු මහ සග රුවනට වැඩ සිටින්න. මේ වගේ හිස් වැඩකට නෙවෙයි. අනික මේ පුටුවට වන්දනා කරනවලු. මොන මෝඩ වැඩක්ද පුටු වැදිල්ල? ගොඩක් දහම් පාසල් වල ළමයි පුටු නැති නිසා ඉගෙනගන්නෙ බිම ඉදගෙන. කොළඹත් එහෙම දහම් පාසල් තියෙනවා. අඩුගානෙ ඒ වගේ වැඩකට ඇති වැඩක් කලානම් කොච්චර හොදද? ඔයාට ඉතිං ඕව තේරෙන්නෙ නෑ.

:       4       2

JayasekaraTuesday, 03 June 2025 12:41 PM

මේ මිනිස්සු අනුන් කරන සුවිසල් කුසලයක් අනුමෝදම් වෙන්නේ නැතිව අපමණ පව් පුරවාගන්නවා...

:       0       0

KumaraTuesday, 03 June 2025 11:27 AM

ඩෙංගු රෝගය බහුලව පවතින නගරය පිරිසිදු කිරීමට මේ මුදල් වියදම් කළා නම් ගොඩක් හොඳයි. මෝඩ වැඩක්!!!

:       4       1

JayasekaraTuesday, 03 June 2025 12:39 PM

ඔහොම හිතුවා නම් අද අපිට වඳින්න කිසිම දෙයක් ලංකාවේ ඉතිරි වෙන්නේ නෑ. අනුන් කරන පිනක් දැක අනුමෝදන් වෙන්න බැරි මිනිස්සු...

:       0       0

ලුන්ට හොදටම මූස් Monday, 02 June 2025 06:47 PM

පුටුව වැඩම කරවනවලු, අනික කැලණි විහාරෙ තියනවලු පුටුවට වන්දනා කරන්න, එතකොට වදින්න ඕන “පුටුවං සරණං ගච්ඡාමි” කියලද? කැලණි නයා දෙවන කොටස!

:       15       50

පැටියා Monday, 02 June 2025 06:51 PM

පුටුවට වදින ගාථාවක් ප්‍රසිද්ධ කළානම් පාඩං කරගෙනම වන්දනා කරන්න යන්න තිබුණා!

:       11       46

JayasekaraTuesday, 03 June 2025 09:26 AM

නොදැනුවත්ව පව් පුරෝගන්න එපා... එදා ඔය මැණික් පුටුව උන්වහන්සේට පූජා කළා පාරිභෝගික වස්තුවක් වගේ... බුදුරජාණන්වහන්සේගේ දාන පාරමිතා බලයට තාමත් පූජා කරන පූජා වස්තුන්ට ගරහන්න එපා.

:       1       3

ප්‍රියන්ත Monday, 02 June 2025 07:05 PM

දෙයියන්ගේ මල්ලි සුදු වෙනවා වගේ….!

:       10       38

Chathuri Tuesday, 03 June 2025 06:49 AM

හොඳ වේලාවට. නාකි මයිනා ඇතුළු නඩේ ගෙදර යවලා පුටුව දුන්නු එක මේ පුටුව වටින්නේ කටුගෙදරට. හාමුදුරුවොත් ගිහියෝ වගේ ආසාව අත් ඇරියොත් ඒ දේ කරන්න පුළුවන්.... හොර නඩේ නැති නිසා කටුගේත් කඩන්න කෙනෙක් නැහැනේ...

:       0       0

Chaminda Tuesday, 03 June 2025 10:48 AM

මගේ මතකය් නිවැරදියි නම් මීට අවුරුදු දහයත් විස්සත් අතර කාලයේත් ඔහොමම එකක් කලාද කියල හිතෙනවා. කොහොම වුනත් පොඩිඑකා නිවැරදියි. මැණික් වලින් විශාල වශයෙන් විනිමයක් ලැබෙනවා තමයි. ඒත් ඉතින් සිදුවන පරිසර හානිය දේපල විනාශයත් ඇල දොල හා ජල උල්පත් සිදීයාමත් හා මහා මාර්ග හා අතුරු මාර්ග විනාශයත් බැලුවනම් මෙයට වියදම් කල මුදලින් විනාශවූ පරිසරය හා ජනතා සම්පත් ප්‍රතිසංස්කරණය කලානම් වඩාත්ම හොදයි

:       1       1

පොඩිඑකාTuesday, 03 June 2025 12:09 PM

චමින්ද, ඔයාගෙ මතකය හරි. කලකට පෙර මොරටුවෙ වඩු කාර්මිකයෙක් ‘මැණික්’ ඔබ්බපු ලී පුටුවක් එහේ යැව්වා. ඒත් මෙච්චර වියදම් කරල නෙවෙයි.

:       0       0

රුවන් Tuesday, 03 June 2025 11:54 AM

බෞද්ධ දර්ශනය පිළිපදින උගත් බුද්ධිමත් පුද්ගලයෝ නම් මේ මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කරලා මහා ආනිසංස ලැබෙන අපා දුකෙන් මිදි මේ සසර ගමන කෙටි කරගන්නවා. එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වුවද අසරණ මිනිසුන්ට ජිවිත වුවත් පරිත්‍යාග කරා මිස මේ වගේ රත්තරන් පුටු මැණික් පුටු වන්දනා කරා කියලා අහලා නෑ.

:       2       2

ගුණරත්න Tuesday, 03 June 2025 01:02 PM

පැලවත්තේ පින්බතාලා ටිකට සල්ලි දුන්නේ නැහැ කියලා වෙන්න ඇති බත්බැලයෝ ටික උදේ ඉඳන් වයින් වෙලා, අසදෘශ දාන ගැන අහලාවත් නැති අය මේ. මේක තමයි සංස්කෘතිය, බුදුදහමේ ඉගැන්වීමට පරස්පර වෙන්නේ දෙන දේ අනුමත නොකළ මාර්ගයකින් ඉපැයීම විතරයි. දුන් උදවිය තමන් උපයපු මුදලෙන් මොනවා කළත් මොකද? පොළොන්නරුවේ අනුරාධපුරේ තිබෙන පුරාවස්තු ටික එහෙම තියෙන්නේ ඒ කාලේ හොඳ වියදමක් දරලා උසස් තත්වයෙන් හදපු නිසා, ඒවා නොවෙන්න අද අපිට පෙන්වන්න මොනවද ඉතුරු?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 106 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 274 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site