IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


මාලදිවයිනේ කෘෂිකර්මය නංවන්න ලංකාවෙන් උදවු ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සහයෝගය මාලදිවයිනටත් ලබා දෙන්නැයි  මාලදිවයින් රජය ඉල්ලීමක් කර තිබෙි.

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයේ සංවර්ධනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙළ මාලදිවයින් රජයේ අවධානයට යොමු වී ඇතැයි මෙරට නිල සංචාරයක නිරතව සිටින මාලදිවයිනේ කෘෂිකර්ම, ධීවර හා නාවික කටයුතු ඇමැති හුසේයින් රෂීඩ් හසන් මහතා පැවසීය.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී  හමුවූ අවස්ථාවේදී හුසෙයින් රෂීඩ් හසන් මහතා මෙම ඉල්ලීම කර තිබේ.

ශ්‍රී ලංකාවේ හරිත කුටි වල (Net House) සිදු කෙරෙන වගා සම්බන්ධව අවදානය යොමු කළ මාලදිවයින් අමාත්‍යවරයා එම තාක්ෂණය මාලදිවයිනටත් ලබා දෙන ලෙසත්, එමෙන්ම එරට පිරිසක් ඒ සඳහා පුහුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙසත් ඉල්ලීමක් කළේය.



අදහස් (14)

මාලදිවයිනේ කෘෂිකර්මය නංවන්න ලංකාවෙන් උදවු ඉල්ලයි

Channa Wednesday, 07 June 2023 12:31 PM

හරි ලේසියි. අද ඉඳන් රසායනික පොහොර නවත්වලා හෙට ඉඳන් කාබනික පොහොර දාන්න. ඔක්කොම හරි.

:       0       12

sam Wednesday, 07 June 2023 12:58 PM

නියමයි, අර පොහොර එපා කියලා රට විනාශ කළ ගොන්ටාව යවපල්ලා උපදෙස් දෙන්න.

:       0       3

ගොන්ටා Wednesday, 07 June 2023 01:19 PM

කමිටුවක් පත් කරමුද? සභාපති - ගෝඨාභය සාමාජිකයන්, මහින්දානන්ද හොඳයි නේද?

:       0       4

sam Wednesday, 07 June 2023 01:29 PM

මං මුලා වෙච්ච කෙනෙක්, හත් දවසක් තිස්සේ මං මුලා වෙච්ච කෙනෙකුගෙන් පාර අහනවා!

:       1       3

ගොවිරාළ Wednesday, 07 June 2023 01:45 PM

ලංකාවෙ එයට කැමැත්ත තියෙන අයටවත් උපදෙස් දෙන්න කෙනෙක් නැතුව මාලදිවයින සදහා දුන්නොත් ඊළඟට අපිට එලවලුත් එහෙම්ම ගන්නත් වේවි මට අහන්න ලැබුනා එලවලු වගාවක් කල ගොවියෙක් එයට ඇතිවූ රෝගයක් නිසා කෘෂිකර්ම නිළධාරින්ට කිව්වම ඇවිල්ලා ඔය වසම අහවල් වසමේ නිසා බැහැ කියලා ගියාලු.එකම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිළධාරින් මෙහෙම නම් මාලදිවයින සදහා උපදෙස් දුන්නත් ලංකාවෙ අයට නම් දෙයියන්ගේම පිහිටයි ඇමතිතුමා

:       0       2

යෝගා Wednesday, 07 June 2023 02:08 PM

ඇත්තටම මාලදිවයින් කාරයින්ට පයිත්තියන්ද මේ රටේ කෘෂිකර්මය බිංදුවට බස්සපු අපතයින්ගෙන් පුහුණුව ඉල්ලන්නේ?

:       1       6

upul indika Wednesday, 07 June 2023 02:21 PM

ඔබලාටත් පිස්සු හැදිලා වගේ. මෙහේ අය කුරක්කන් ගෙන්වන්නෙත් පිටරටින්...

:       1       5

pramuka Wednesday, 07 June 2023 02:27 PM

ඒ අයටත් කන්න නැතිවෙන හැඩක් තියෙන්නේ...!

:       1       3

පුරවැසියෙක්...... Wednesday, 07 June 2023 02:39 PM

අයියෝ මාලදිවයින..., අතීතයේදී නම් ශ්‍රී ලංකාව කෘෂිකර්මය අතින් ඉහළ මට්ටමක තිබුණා. ඒ නිසා මෙහෙන් උපදෙස් ගැනීමට පෙර වරක් සිතා බලන්න...

:       1       4

Kazi Shajahan Wednesday, 07 June 2023 03:53 PM

අපිටවත් හරියට කරගන්න බැරිකොට, අපි කොහොමද මාලදිවයිනට උදව් කරන්නේ? මාලදිවයින්වලට අබ සරණයි...

:       1       4

ඉන්දික Wednesday, 07 June 2023 04:27 PM

ඒ රටත් විනාස කරගන්න හදන්නේ. උගත්තු උපදෙස් දුන්නාට ලංකාවේ තීරණය ගන්නේ දේශපාලකයින්. මීට වඩා හොඳයි කාන්තාර තියෙන අරාබි රටකින් ඇහුවා නම් උපදෙස්. මොකද ඒ මිනිස්සු කාන්තාරේ වවලා රට ලස්සන කරලා දියුණු කරලා තියෙන්නේ...!

:       0       2

ඉන්දික Wednesday, 07 June 2023 04:29 PM

ගෝඨාභයව යවමු. එහෙත් කාලා විනාශ කරාට පස්සේ අපි මෙහෙන් එහාට කෑම යවමු. අපිට ඩොලර් ගේන්න මගක්...!

:       0       2

Kumar (Gulf) Thursday, 08 June 2023 12:13 AM

ඊශ්‍රායලයෙන් උදව් ලබාගන්න, ශ්‍රී ලංකාව මේ විෂය ගැන කිසිවක් දන්නේ නැත. ලංකාව තාම ඉගෙන ගන්නවා.

:       0       0

හේමරත්න Thursday, 08 June 2023 08:08 AM

ඔන්න ඩොලර් රටට ගේන්න පුළුවන් වැඩක්. අර ගොටභය ලොක්කගේ බුද්ධ් බලකායයි, අර කාබනික වය්ද්‍යාවරයා, pohora ඇමති ඇතුළු කණ්ඩායම අරියනම් බඩුම තමයි මාස තුනෙන් රට ඩව්න්, සංචාරකයෝ ටික මෙහාට ගේන්න ගන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඕ.අයි.සී මහකුමාර දිවි ගමනට සමු දෙයි
2025 මැයි මස 09 0 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 25 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 149 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 28 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 62 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 119 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 25 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1292 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site