(රංජිත් රාජපක්ෂ )
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් කාසල්රි කාෆෙක්ස් දමිළ මහ විද්‍යාලයට විශාල මාර ගස් දෙකක් කඩා වැඩිමේ දැඩි අවදානමක් නිසා පාසල අද (02) හෙට (03) දින දෙක වසා දැමීමට තීරණය කළ බව එම විදුහලේ විදුහල්පති ජේම්ස් වික්ටර් මහතා පැවසීය.
පළමු වසරේ සිට දහතුන වසර දක්වා ළමුන් 358 ක් පමණ අධ්‍යාපනය ලබන එම පාසලේ ආචාර්ය මණ්ඩලය 40 දෙනෙකුගෙන් සමන්විතය.
පාසල අසලම කඩා වැටීමේ දැඩි අවදානමක ලක් වී ඇති විශාල මාර ගස් දෙකක් ඇති බවත්, එම ගස් දෙක කපා ඉවත් කර දෙන ලෙස හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත මීට පෙර දැනුම් දී තිබුණත් එම ගස කපා ඉවත් කිරිමට මෙතෙක් පියවර නොගැනීම හේතුවෙන් සහ පසුගිය දිනවල පැවති දැඩි සුළං සහ අයහපත් කාළගුණය හේතුවෙන් එම ගසේ අතු කිහිපයක් ද පාසලේ ගොඩනැගිලි වලට කඩා වැටුණු බව විදුහල්පතිවරයා කියා සිටියේය.
එම පාසල් භූමියේ පිහිටි තවත් ගස් කිහිපයක් අද (02) දිනයේ දෙමව්පියන් විසින් කපා ඉවත් කිරිමට පියවර ගෙන ඇත.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මාර ගස් දෙකක් පාසලක් වහයි
බකල ජයා Monday, 02 June 2025 11:01 AM
බලන් ගියාම මා...ර ගස් දෙකක්නෙ!
ගුණරත්න Monday, 02 June 2025 04:56 PM
මාස ගාණක් ගිහිල්ලත් රට තාම එකම තැන කියලා කියන්න වෙන උදාහරණ වුවමනාද...?