IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාළු අල්ලන්න ගිය තරුණයා වන අලි ප්‍රහාරයෙන් මරුට

(අතුල බණ්ඩාර)

මහකනදරාව වැවේ මසුන් ඇල්ලීමට ගිය තරුණ  අද  (21) උදෑසන වල් අලි ප්‍රහාරයකින් මරණයට පත්වී ඇතැයි මිහින්තලේ පොලිසිය පවසයි.

මහකනදරාව වැවේ සියඹලාගස්වැව ප්‍රදේශයේ  වනජීවී රක්ෂිතයේදී සිදුවූ මෙම සිද්ධියෙන් එම ස්ථානයේදීම  මරණයට පත්වී ඇත්තේ සියඹලාගස්වැව පදිංචිව සිටි 31 හැවිරිදි මාකාවිටගේ අමල් හර්ෂ සුරංග නැමැති ධීවරයෙකි.ඔහු අවිවාහකයෙකු බව පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.

මේ තරුණ ධීවරයා සිය නිවසේ සිට රක්ෂිතය මැදින් වැටී තිබෙන අතුරු මාර්ගයකින් මහකනදරාව වැවේ ඔරු නවතා තිබෙන තොටුපොළ වෙත තනිවම යද්දී ඔහුට වල අලියෙකු පහරදී තිබෙන බවත් , ඊට ටික වෙලාවකට පසු එම මාර්ගයේ ගිය තවත් තරුණ ධීවරයෙක් මාර්ගය ආසන්නයේ වැටී තිබූ මළසිරුර දැක තිබෙන බවත්  පරීක්ෂණ වලදී අනාවරණය වූ බව මිහින්තලේ පොලිසිය වැඩි දුරටත් පවසයි.

එම තරුණ ධීවරයා පොලිසියට පවසා ඇත්තේ ඒ ආසන්නයේ වැව් පිටිය අසල වල්  අලි  දෙදෙනෙකු  සිටි බවයි. ඒ වල් අලි දෙදෙනා මිනිසුන් පසුපස පහරදීමට පන්නන දරුණු උන් බව පවසන ගම්වාසීන්  මේ ධීවරයාට පහරදී ඔහු මරාදමන්නට ඇත්තේ උන් දෙදෙනාගෙන් එකෙකු විසින් බව කියා සිටියි.

ගම්වාසීන් විසින් ධීවරයාගේ මරණය ගැන දැනුම්දීමෙන් පසු මිහින්තලේ පොලිසියෙන් නිලධාරියෙකු පැමිණ මළසිරුර තිබු ස්ථානය වටා අදින ලද ලනුවද ඊට පසු එතැනට පැමිණි මේ වල් අලි දෙදෙනා කඩාදමා තිබුණි.ඉන් පසු උන් දෙදෙනා ඒ අසල වැව් පිටියේ ටික වෙලාවක් රැදී සිට කැලය තුලට ගොස් තිබුණි.

ගම්වාසීන් පවසන්නේ වල් අලින් සියයකට ආසන්න පිරිසක් මහකනදරාව වැව් රක්ෂිතයේ ගැවසුනත් උන්ගෙන් මිනිසුන්ට හිරිහැරයක් නැතත් මේ දරුණු වල් අලි දෙදෙනා විශාල තර්ජනයක් වී ඇති බවයි.

එම නිසා මේ දරුණු වල් අලි දෙදෙනා අල්ලා මහ කැලැවකට රැගෙන යන්නැයි මේ මරණය ආරංචි වී එතැනට පැමිණි වනජීවී නිලධාරීන්ගෙන් ගම්වාසීහු ඉල්ලා සිටියහ.



අදහස් (0)

මාළු අල්ලන්න ගිය තරුණයා වන අලි ප්‍රහාරයෙන් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site