IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහිව පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධිධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්‍රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ ඇති වරද නිවැරදි කිරීමට නියෝග කරන්නැයිද පෙත්සම්කරු අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් ඉල්ලීමක් කර ඇත.

‘අපි ශ්‍රී ලංකා’ ජාතික සංවිධානයේ කැඳවුම්කරු වන ශ්‍රීයන්ත හේරත් මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් නීතිපතිවරයාද, මැතිවරණ කොමිසම, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා නම් කර ඇත.

රටේ ජනාධිපතිවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පසුගිය සැප්තැම්බර් 21 වැනිදා පත්වු බවත් සැප්තැම්බර් 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඔහු ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් සඳහන් කරන සිවිල් ක්‍රියාකාරිකයකු වන ‘අපි ශ්‍රී ලංකා’ ජාතික සංවිධායකගේ කැඳුවම්කරු වන පෙත්සම්කාර ශ්‍රීයන්ත හේරත් මහතා ඔක්තෝබර් 04 වැනිදා සිට ඔක්තෝබර් 11  වැනිදා දක්වා මැතිවරණය වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාර ගන්නා බවත් මහමැතිවරණය නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළ බවත් සඳහන් කර ඇත.

1988 මැතිවරණ සංශෝධන පනතට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කර දින 10ක කාලයකට පසු නාම යෝජනා කැඳවීය යුතු වුවත් සැප්තැම්බර් 24 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයේ අදාළ කාල වකවානු ප්‍රකාශයට පත් කිරීම වැරදි සහගත බවද පෙන්වා දෙන පෙත්සම්කරු 1988 මැතිවරණ සංශෝධන පනතේ 10 වැනි ඡේදය අනුව අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම මෙන් දින 10 පසු නාම යෝජනා කැඳවීය යුතු බවත් නාමයොජනා කැඳවීමෙන් සති 05 කට නොඅඩු හා සති 07 කට නොවැඩි කාලයක් තුළ මැතිවරණයේ පැවැත්වීය යුතු බත් පෙන්වා දී ඇත.

මැතිවරණ සංශෝධන පනතට අනුව මැතිවරණය සඳහා නාමයොජනා කැඳවීමට සහ මැතිවරණ පැවැත්වීමට නිවැරදි කාලය වන්නේ නොවැම්බර් 15 වැනිදා සිට නොවැම්බර් 29 වැනි දක්වා බව පෙන්වා දෙන පෙත්සම්කාර ශ්‍රීයන්ත හේරත් මහතා මෙම තත්වය යටතේ ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් එය නීතියේ ආධිපත්‍යය කඩ කිරීමක් බවත් පෙන්වා දී ඇත.

මෙය ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වන හෙයින් තම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ වැරදි සහගත දිනය නිවැරදි කිරීමට නියෝග කරන ලෙසත් ඉල්ලා සිටින පෙත්සම්කරු පෙත්සම විභාගයට ගෙන අවසන් වන තෙක් අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිමේ නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටී.



අදහස් (0)

මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහිව පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site