IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ

 

 

(සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්  ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මෙවර අයවැයෙන් මහ මැතිවරණයක් සඳහා  මුදල් වෙන් කර නොමැති හෙයින් මහා භාණ්ඩාගාරයෙන් එම මුදල ලබාදීමට  ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  බලය පැවරී ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳ වගකීම ජනාධිපතිවරයා සතු වන බවත්  ඒ මුදල් ලබාදීමට  ඔහු  නීතියෙන් බැඳී සිටින බවත්  කොමසාරිස් ජනරාල්වරයා කීවේය. පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් හදිසියේ විසුරුවා හැරුණු අතර  පාර්ලිමේන්තු මැතිවරණය ලබන නොවැම්බර් මස 14 පැවැත්වීමට නියමිතය.



අදහස් (4)

මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ

Prabha Wednesday, 25 September 2024 06:05 PM

කෝටි 4 බැගින් වටිනා වාහන 300ක් පමණ විකුණාගත්තොත් හරි.

:       0       0

පොඩිඑකා Wednesday, 25 September 2024 09:50 PM

අර ගෝල්ෆේස් ගෙනාපු වාහන ටික විකිනුවනං මහ මැතිවරණ පහක් කරන්න සල්ලි හොයාගන්න පුළුවං

:       0       0

ජයරත්න Thursday, 26 September 2024 07:04 AM

එකෙම්ම දෙකම කරන්න තිබුණා. එහෙම වුණා නම් ඔය මුදල් ඉතිරි වෙනවා. ඊට පස්සේ තව තව එයි...

:       0       0

පියදාස Thursday, 26 September 2024 10:43 AM

ඔය තමයි මාලිමාවේ පළමුවැනි ඇණ ගැනීම. ලබන මාර්තු වෙනකොට සෙල්ලම් ඉවරයි. ඒ නිසා ඉක්මණටම හොරු ටික අල්ලපල්ලා. ඒ කරලා ගෙදර ගියත්, ජනතාවට ඒ ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 145 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site