IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහ ඡන්දය දිනය : මැකොගෙන් නීතිපතිට වාර්තාවක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මහ  මැතිවරණය පවත්වන  දිනය,   එම දිනය   ප්‍රකාශ කළ ආකාරය    ඇතුළුව        මැතිවරණයට  අදාළව  මෙතෙක් කර ඇති  සියලු කටයුතු  සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට  බාරදී ඇත.

පාර්ලිමේන්තු මැතිවරණ දිනය සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක්  දෙන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.කොමිසම මෙම විස්තර වාර්තාව නීතිපතිවරයාට බාරදී ඇත්තේ ඒ අනුවය.

මැතිවරණ කොමිෂන් සභාව  දුන් වාර්තාව පදනම් කරගෙන  ලබන 4 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිපති දෙපාර්තමේන්තුව බලාපොරොත්තුවේ.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට ගෙන ඇති  තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි  බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙක්  පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

ෙමහ මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බව  එම පෙත්සමේ  සඳහන්ව තිබිණ.

දැනට නියම කර ඇති ආකාරයට මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව  ඇත්තේ  ලබන මස 14 වැනිදාය.

 



අදහස් (0)

මහ ඡන්දය දිනය : මැකොගෙන් නීතිපතිට වාර්තාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site