
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහවැව නගරයේ රෙදිපිලි වෙළදසැලක ඇති වූ ගිනි ගැනීමක් හේතුවෙන් එම සාප්පු සංකිර්ණයේ තවත් වෙළඳෙසැල් කිහිපයක් ද අද(23)වැනි දින රාත්‍රියේ විනාශ වී ඇතැයි මහවැව පොලිසිය කියයි.
මෙම ගිනි ගැනීම අද(23)වැනි දින රාත්‍රියේ එකම ගොඩනැගිල්ලක පිහිටි රෙදි පිළි වෙළදසැලකින් ආරම්භ වී ඇති බවත් පසුව අනෙක් වෙළදසැල් වෙත ක්‍රමයෙන් පැතිරි ගොස් එම සාප්පු සංකිර්ණ ද සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මේ වන විට වෙළද සැල් පහක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බවත් එහි දළ වටිනාකම රුපියල් කෝටි 10 ඉක්මවනු ඇති බවය.
හලාවත ගිනි නිවන ඒකකය එක්ව ගින්න නිවා දැමූ අතර මහවැව, මාදම්පේ, මාරවිල පොලිස්ථාන වල පොලිස් නිළධාරීන් මෙම ස්ථානයට කැදවා තිබු බව හලාවත උසස් පොලිස් නිළධාරීයකු පැවසීය.
මහවැව නගර මධ්‍යයේ පිහිටි මෙම වෙළද සංකිර්ණය ගිනි ගැනීමත් සමඟ හලාවත කොළඹ මාර්ගයෙ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන් නවතා දැමීමට පොලිසිය කටයුතු කර තිබූ අතර ඒ සඳහා විකල්ප මාර්ගයක් ලෙස දංකොටුව හොර වංගුව මාර්ගය භාවිතා කිරීමට කටයුතු කරන ලෙසට රියදුරන්ට පොලිසිය දැනුම් දී තිබේ.
ගිනි ගැනිම සිදුවන අවස්ථාවේ දී මහ වැසි පතිත වී තිබුණද වැසි මැදද ගින්න පැතිරි යාම සිදු වු බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මහවැව සාප්පු සංකීර්ණයේ ගින්නක්