
(රංජිත් කරුණාවිර)
මහියංගණ නගරයට ආසන්න ගම්මාන දෙකක දෙපිරිසක් අතර එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් එක් අයකු තුවල ලබා ඇතැයි පොලිසිය කියයි.
දොඩම්වත්ත, ගෙවල් 20 ගම්මානයේ පසුගිය 15 දින සවස 4.00ට පමණ
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මහියංගණ මුලික රෝහලට ඇතුලත් කර ඇති බවට මහියංගණ පොලිසිය පවසති. ඔහුගේ කකුලට වෙඩි වැදී තුවාල සිදුව ඇත.
මහියංගන නගරයේ පිරිසක් දොඩම්වත්ත ගම්මානයට පැමිණ ගල්මුල් වලින් පහර දෙමින් ප්‍රචන්ඩකාරීව හැසිරෙන හා වෙඩි තැබිම සිදු කරන අවස්ථාන එම ගම්මානයේ කාන්තාවක සිය ඡංගම දුරකථනයේ පටිගත කරගනු ලැබ ඇත.
මහියංගණ නගරයේ පිරිසක් හා මහියංගණ දොඩම්වත්ත ගම්මානයේ පිරිසක් අතර කලක පටන් පවතින ගැටුමක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ඩබ්බිලිව්. ඩබ්බිලිව්. සී. ආර්. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කර එදින සවසම වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා හා වෙඩිතැමීම සඳහා යොදාගන්නා ලද ගල්කටස් වර්ගයේ ගිණි අවිය අත් අඩංගුවට ගැනිණි.
ඔහු වෙඩි තැබීම සඳහා යොදාගෙන තිබු මෙරට නිෂ්පාදිත එම ගල්කටස් වර්ගයේ ගිණි අවිය ටී56 වර්ගයේ උණ්ඩ භාවිතය සඳහා සැකසූ එකක් බව පැවසේ.


2025 නොවැම්බර් මස 04
740
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහියංගනයේ ගම්මාන දෙකක් ගැටේ: වෙඩිත් පත්තුවේ
ගුණරත්න Wednesday, 16 April 2025 08:59 PM
ඔන්න පුනරුදේ හැටි, රටේ භීෂණයක් ඇති වෙලා තියෙනවා. එක්තරා කාලෙක භීෂණයක් ආවෙත් මේ කල්ලිය ආණ්ඩු බලේ ගන්න හදද්දීම නේද කියලාත් කල්පනා වෙනවා...