IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා

(සුජිත් හේවාජුලිගේ)

මහනුවර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග අපේක්ෂකයකු මහනුවර තරු පහේ හෝටල් තුනකට ජනතාව දහස් ගණනින් වරින් වර කැඳවා සංග්‍රහ ලබාදී ඇතැයි දිස්ත්‍රික්කයේ සෙසු අපේක්ෂකයන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර ඇත.

පසුගිය දිනවල අවස්ථා කිහිපයකදීම මෙලෙස සංග්‍රහ ලබාදී ඇති බව ප්‍රදේශයේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ ආකාරයට සංග්‍රහ ලබාදීම මැතිවරණ නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් මෙන්ම මුදල් නොමැති සෙසු අපේක්ෂකයන්ට කරන බරපතළ අසාධාරණයක් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වාදෙයි.

එසේ ඡන්දදායකයන්ට සංග්‍රහ ලබාදීම ග්‍රේෂ්ඨාධිකරණයෙන් අදාළ පුද්ගලයාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීමට පවා තුඩුදෙන කාරණයක් බවත් අතීතයේ ඡන්ද දායකයෙකුට තේ කෝප්පයක්දී මන්ත්‍රී ධූරය අහෝසි වූ අවස්ථාවක්ද සඳහන් වන බවත් නිරීක්ෂණ සංවිධාන ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර මේ ගැන පැමිණිලි කළද ප්‍රදේශයේ ඇතැම් මැතිවරණ බලධාරීන් මේ සම්බන්ධයෙන් ඇස් කන් පියාගෙන සිටින තත්වයක්ද පෙනෙන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (4)

මහනුවර සජබ අපේක්ෂකයෙක් තරු හෝටල් වල පාටි දාලා

Perera Monday, 28 October 2024 02:54 AM

පක්ෂයේ නායකයා දැනගන්න ඕන මෙහෙම නීති කඩන එවුන්ට විනය පියවර ගන්න

:       0       3

Range Monday, 28 October 2024 03:40 PM

ලොක්කාව ශේප් කරන් ඉන්න අය මොනවා කරත් ලොක්කාට පේන්නේ නෑ. වියදම් කරන්න සල්ලි හොයන්නේ ඔය වගේ පොහොසත් කට්ටියගේ උදව්වෙන්නේ...! සමහර කට්ටිය ඡන්දය ඉල්ලන්නේ බිස්නස් එක තව දුරටත් ගොඩ දාන්න. ඕක ගොඩක් පක්ෂවල සිදුවෙනවා.

:       0       1

Asela Monday, 28 October 2024 06:20 AM

ඉතින් ඇයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ.

:       0       5

Sama Monday, 28 October 2024 06:34 AM

මනාප ක්‍රමය නිසා එකම පක්ෂයේ සමගිය පවා නැතිවෙනවා. ඇත්තටම සල්ලි ලොකුවට නැති අයට ඡන්ද අඩුවෙන්න තියන ඉඩ වැඩියි සල්ලිකාර අපේක්ෂකයන් මොන මැතිවරණ නීති තිබුණත් ඒවාට පිටින් ගිහින් සල්ලි බලයෙන් ඡන්ද දායකයන් නම්මාගන්න හදන නිසා. ඔය ටෙලිෆෝනය පක්ෂයේම හොඳ උදාහරණයක් කළුතර දිස්ත්‍රික්කයේ සිදුවෙනවා. මහා පරිමාණ ගොඩනැගිලි සහ පුද්ගලික බස් රථ හිමියෙකු දැන් ටික කලක ඉඳලා කළුතරට ඇතුලින් පිහිටි ආසනයක සංවිධායක ලෙස කටයුතු කරනවා. ඔහු කන්න බොන්න දෙන්නේ මහා පරිමාණ ලෙස. ව්‍යාපාරිකයෙක් නිසා රැකියාවක් දීම සුළු දෙයක්. ඔහුගේ ආසනයේ ඉන්න ගෝලයන්ට තහනම් අනික් අපේක්ෂකයන්ට උදවු කරන්න හැබැයි ඔහු අනික් අපේක්ෂකයන්ගේ බල ප්‍රදේශවල ගිහින් සල්ලි බලයෙන් ඡන්ද ගන්න හදනවා. පක්ෂ නායකයාට ඉතා වටිනා වාහනයක් පාවිච්චියට දීලා කියනවා. ඒ නිසා අනික් අපේක්ෂකයන්ගේ කතා නායකයන්ට ඇහෙන්නේ නෑ. මනාප ක්‍රමය නොතිබුණ නම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 13 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site