(චමිල් රූපසිංහ)
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර ශ්‍රී දළඳා මාළිගාව අභියසින් අද (06) රාත්‍රී 7.00 ට දකුණු දිශාභිමුඛව ගමන් ආරම්භ විය.
පෙරහැර දළදා වීදිය, ඩී. එස්. සේනානායක වීදිය, ත්‍රිකුණාමලය වීදිය ඔස්සේ පැමිණ රජ වීදියෙන් ඉහළටවිත් යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීමට නියමිතය.
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන දින කුඹල් පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරන ලද්දේ සිංහ රාජා හස්තියා මතිනි. දැලේ ඇතුන් ලෙස බුරුම රාජා, මියන්රාජා යන හස්තීහු ගමන් කළහ.
පාස්කු ප්‍රහාරයෙන් පසුව දැඩි ආරක්ෂක තත්ත්වයක් මහනුවර නගරයේ පැවති අතර පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා වෙනදා මෙන්ම විශාල පිරිසක් පැමිණ සිටිනු දැකිය හැකි විය. දේශීය මෙන්ම විදේශීය සංචාරකයෝ ද මේ අතර විශාල ප්‍රමාණයක් රැඳී සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද