IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මුහුදු කූඩැල්ලන් සමග ඇල්ලු හත් දෙනා නිරෝධායනයට

(එච්. චන්දන )

බලපත්‍ර නොමැතිව මුහුදු කූඩැල්ලන් සහා මුහුදු බූරුවන් තොගයක් සමග නාවික හමුදා අත් අඩංගුවට පත් පුද්ගලයන් 07 දෙනකු දින 14 නිරෝධායනය අම්මාතොට්ටන් පිහිටි මධ්‍යස්ථානයට යොමු කරන ලෙසත් අත් අඩංගුවට ගත් මුහුදු කූඩැල්ලන් හා මුහුදු බූරුවන් පිළිබදව විශේෂ විමර්ශනයක් සිදු කර ලබන 24 වන දිනට පුත්තලම අධිකරණයට සැකකරුවන් සමග වාර්ථාවක් ඉදිරිපත් කරන ලෙසත් පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ඒ.එස්.අසේල ද සිල්වා මහතා පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ වරයාට නියෝග කළේය.

කල්පිටිය නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිළධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඉකුත් 05 දින අලුයම උච්චිමුනේ දූපත් ආසන්නයේ දී කල්පිටිය නාවික හමුදා කදවුරේ නිළධාරීන් විසින් සිදු කල වැටලීමකදී ධීවර බෝට්ටු දෙකකින් රැගෙන එමිනි තිබූ විවිධ ලෙස ඇසුරුම් කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝ 805 ක්ද , මුහුදු බූරුවන් කිලෝ 90 හා බෝට්ටු දෙකක් , ඇන්ජින් 02 , ජි.පි.එස් යන්ත්‍රයක් හා පුද්ගලයන් 07 දෙනකු අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ කටයතු සදහා පුත්තලම ධීවර කාර්යාලයට භාර දී තිබුණි.

පුත්තලම ධීවර කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂක සුනන්ද ප්‍රභාත් වික්‍රමාආරච් මහතාගේ උපදෙස් පිරිදි කල්පිටිය ප්‍රදේශය භාර සංවර්ධන නිළධාරී වයි. උපුල් සංජීව මහතා විසින් සැකකරුවන් හා නඩු භාණ්ඩ පුත්තලම අධිකරණය ඉදිරිපත් කල අවස්ථාවේ පුත්තලම අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මෙම නියෝග කලේ .

මෙම සැකකරුවන් මුහුදු බූරුවන් ක්‍රිලෝ එකක් රු 8500/= මුහුදු කූඩැල්ලන් ක්‍රිලෝ එකක් රුපියල් 2000/= අලෙවි කිරීමට සිටි බවත් මෙම තොගය කිසිදු බලපත්‍රයක් නොමැති බවත් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරණ ධීවර නිළධාරින් පවසයි.

දකුණු ඉන්දියාවෙන් බොට්ටු මගින් රැගෙනවිත් මෙම තොගය ශ්‍රී ලාංකික ධීවරයින් හට මහ මහුද මැද දී භාර දී ඇති බවත් නාවික හමුදාව සිදු කල මූලික විමර්ශණ වලදී තහවුරු වී තිබේ.

 



අදහස් (0)

මුහුදු කූඩැල්ලන් සමග ඇල්ලු හත් දෙනා නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site