IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් මාට්ටු

(අමිල සම්පත් ශ්‍රී)

රාජ්‍ය  අමාත්‍යවරයකුගේ  සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු මත්තල ප්‍රදේශයෙන් සොරකම් කරන ලද ගවයන් 22 බණ්ඩාරවෙල මස් කඩයකට රැගෙන යමින් සිටියදී ලුණුගම්වෙහෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය

ශ්‍රී ලංකා අවිහිංසාවාදී මහා සංගමය විසින් ප්‍රධාන සැකකරුට 2020 වර්ෂයේ වන  සත්ව සංවිධානයේ සභාපති ලෙස සහතික පත්‍රයක් නිකුත් කර ඇති අතර එම සහතික පත්‍රය ප්‍රයෝජනයට ගෙන  ගවයින් ප්‍රවාහන කටයුතු නීතිමය අවසරයකින් තොරව සිදුකර ඇති බව පොලිසිය  සඳහන් කළේ ය.

ප්‍රදේශයේ ගවපට්ටිවලින් මිලදී ගන්නා ගවයින්  මෙලෙස ප්‍රවාහනය කරන බව පෙන්වා සැකකරු මෙම හරක් ප්‍රවාහනය කර ඇත. 

ගවයින නිදහස් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා  ලබාදී ඇති ස්තුති  ලිපියක් පෙන්නා සැකකරු පැන යාමට උත්සහා කළ ද එය අසාර්ථක වී ඇත.



අදහස් (13)

මස් කඩයට හරක් ඇද්ද රාජ්‍ය ඇමැති සම්බන්ධීකරණ ලේකම් මාට්ටු

nimal Thursday, 02 December 2021 07:44 AM

පොහොට්ටු මස් වැද්දන්...

:       0       0

priyantha Thursday, 02 December 2021 07:59 AM

කාලකන්නි මේ අය තමයි මේ රට මේ තත්වයට පත්කරලා තියෙන්නේ.. සුදු සරම, කමිසය ඇඳගෙන තියෙන බලුවැඩ සේරම කරන්නේ රටේ නීතිය අතට අරගෙන... ලංකාවේ විතරක් තියෙන VIP ලේබලය ගහගෙන යන මේ අයට ජනතාව දෙන්න ඕනේ RIP වෙන්නම...

:       0       0

Hafeel Thursday, 02 December 2021 08:11 AM

මේ ආණ්ඩුවේ ලොක්කෝ රටේ වටිනා සම්පත් විදේශිකයින්ට විකුණනවා. ගෝලයින් හරක් හොරකම් කරනවා... ඊයේ වාර්තා වුණා කොටින් වලදාපු රත්තරන් හාරන්න ගිය ඇමති ලේකම්ලා දෙන්නෙක් පිළිබඳව...

:       0       0

sharm warn Thursday, 02 December 2021 08:40 AM

ඇමැතියාගෙන්ම ඉගෙන ගන්න ඇති ඉතින්... ඇමැතියාට ඡන්දය දුන්නු සියලුම අයට අපගේ හදපිරි ප්‍රණාමය.

:       0       0

කුමා. Thursday, 02 December 2021 08:43 AM

දේශපාලු පිසාචයින් මෙහෙමනම් ඔවුන්ගේ මහඑවුන් ගැන කවර කතාද?...

:       0       0

ravin Thursday, 02 December 2021 08:43 AM

ඇත්තනේ, මැති ඇමැති ගැහිලි දන්න ලේකම්ලා සොච්චමක් හොයාගන්න හදලා. කකුළුවා ඇදේට ගිහිල්ලා පැටවුන්ට කෙළින් යන්න කියන්න බැහැනේ...

:       0       0

Ajith Thursday, 02 December 2021 08:51 AM

දේශපාලකයින්ගේ සම්බන්ධීකරණ නිලධාරින් පත්කිරීමේදී නිර්ණායකයන් වහාම පැනවිය යුතුයි...

:       0       0

Perera Thursday, 02 December 2021 08:56 AM

බෛාහෝ දෙනෙක් වටේ ඉන්නේ මේ වගේ හොරු ,ජාවාරම්කාරයො තමයි

:       0       0

Deepal Nirosh Thursday, 02 December 2021 10:05 AM

අවිහිංසාවාදී මහා සංගමයෙන් තමන්ට ලබාදුන් බලතල ප්‍රකාරව සතුන් ප්‍රවාහනය කළ මේ අහිංසකයා අත්අඩංගුවට ගත් අවිහිංසා විරෝධී නිලධාරින් කවුද? ගරු රාජ්‍ය ඇමැතිතුමනි, වහාම මේ ගැන සොයා බලලා අවශ්‍ය පියවර ගන්න. අඩුගානේ ඔබතුමාගේ අහිංසක ලිපියටවත් ගරු නොකළ නිලධාරීන්ට එරෙහිව වහාම පියවර ගත යුතුයි. අර අහිංසක ඇමැතිතුමා තමුන්ගේ අහිංසක පුරපති ආරක්ෂා කළ හැටි දැක්කාද? දැන්වත් ඒවා ආදර්ශයට ගන්න. මේ වගේ අවිහිංසාවාදීන්ට රජයේ නිලධාරීන්ගෙන් සිදුවන හිංසා වළකමු...

:       0       0

Royfedricks Thursday, 02 December 2021 11:46 AM

ඕකා රාජය ඇමතියාව මස් කඩේට විකුණුවානම් ජාතික වීරයන්ගේ ලැයිස්තුවට නම දාගන්න තිබුනා. ඒ උනත් කව්රුවත් උගේ මස් කන එකක් නැහැ. දේශපාලකයන්ගෙ සිරුරේ හැම රෝම කූපයක් පාසාම විස.

:       1       21

nuwa Thursday, 02 December 2021 04:39 PM

මේවයෙ නම් ගම් ප්‍රසිද්ධ කරන්න ඕනෑ. එතකොට තමයි සමාජය දන්නෙ කවුද කියල

:       0       8

Bamunuarachchi Thursday, 02 December 2021 05:50 PM

මේ සම්බන්ධීකරන ලේකම් හම්බයෙක්ද?

:       0       0

sampath Thursday, 02 December 2021 10:44 PM

හරක් සම්බන්ධ කරන හොර හරක් වෙළෙන්දෙක් ඕනෙ කියලා හිතන්න ඇති. මේ වගේ මොකක්හරි ජාවාරමකින් හම්බකරලා කට්ටිය බෙදාහදාගෙන කාලා ජනතාවට කොකා පෙන්වීම පමණයි වෙන්නේ. ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය හරියන්නේම නෑ වගෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 70 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 187 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 362 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1646 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 245 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 456 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site