(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මිරිහාන , පාගොඩ පාර, ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී තෙමහල් නිවසක් තුළ නිරෝධායන නීති කඩකරමින් සම්භාහන ආයතනයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 11 ක් දෙනෙක් සහ කාන්තා කළමනාකාරවරියක් සහ පිරිමි කළමනාකාරවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය පවසයි.
මෙම නිවසේ මහල් තුනේම වෙන වෙනම සම්භාහන ආයතන තුනක් පවත්වාගෙන ගොස් ඇති බවත් එහි සම්බාහනය මුවාවෙන් ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත් මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය.
සෞඛ්‍ය නීති හා නිරෝධායන නීති මෙන්ම සංචරණ නීති කඩකරමින් මෙම ස්ථානයට සේවා ලබා ගැනීමට පුද්ගලයින් පැමිණ ඇති බවත් ජංගම දුරකථන මාර්ගයෙන් හා අන්තර්ජාල සේවා හරහා (ඔන් ලයින් ක්‍රමයට) කාන්තාවන් රුපියල් 6000/= සිට රුපියල් 20,000/= දක්වා අධික මිල ගණන් යටතේ මුදලට විකුණා ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ කාන්තාවන් ගාල්ල, වෙන්නප්පුව, දඹුල්ල, සීදුව, බණ්ඩාරවෙල, මැදවච්චිය, බිබිල, වේයන්ගොඩ, කෑගල්ල, තණමල්විල, ඇඹිලිපිටිය වැනි ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18ත් 46ත් අතර පසුවන පදිංචිකාරිනියන් බවත් මෙම කාන්තාවන්ගෙන් කිහිපදෙනෙකු පළාත් අතර සංචරණ සීමා යොදා ඇති කාලයේදී මෙම නිවසට පැමිණ ඇති බවත් විමර්ශනවලදී අනාවරණයවූ බවද පොලීසිය පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මිරිහානේ ගණිකා නිවාසයක් වටලා 14 ක් අත්අඩංගුවට
Marinett Monday, 05 July 2021 03:27 PM
වැරැදි වැඩක්... මේ තියෙන ප්‍රශ්න හමුවේ කාන්තාවන්ට මුදල් ප්‍රශ්න තියෙනවා. මිනිහා බොනවා. ගැහැණු ප්‍රශ්න තියෙනවා. දරුවන්ට කන්න දෙන්න ඕනේ. ඒ නිසා කාන්තාවන්ගේ පැත්තෙන් මෙය සාධාරණයි.