
( මහින්ද නිශ්ශංක)
ප්‍රධාන දුම්රිය මාර්ගයේ මරදාන හා කොළඹ කොටුව අතර දෙවන දිනටත් අද (16) උදේ සිට දුම්රිය ප්‍රමාදයක් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඊයේ (15) උදේ මරදාන හා කොටුව අතර පීලි පැනීමට ලක් වූ මීනගයා නගරාන්තර දුම්රිය පීලි ගතකළද විශාල වශයෙන් හානියට පත් දුම්රිය මාර්ගය අළුත්වැඩියා කිරීම තවමත් සිදු කිරීම තවමත් පවතින දුම්රිය ප්‍රමාදයට හේතුව බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.
ඊයේ උදේ 6.30 ට පමණ පීලි පැනීමට ලක් වූ මීනගයා නගරාන්තර දුම්රිය පීලි ගතකිරීම අද (16) අළුයම 4.00ට පමණ අවසන් කිරීමට හැකි වූ බවද ඔහු සඳහන් කළහ.
දුම්රිය පීලි ගතකිරීම සඳහා පැය 22 ක පමණ කාලයක් ගත වී ඇති බවත් දෙපාර්තමේන්තුව පවසයි.
තවමත් පවතින දුම්රිය ප්‍රමාදය අද දහවල් වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වෙතැයි දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
65
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මරදාන - කොටුව අතර අදත් දුම්රිය ප්‍රමාදයි