මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දහස් ගණන් ජනතාව විරෝධතාවයේ යෙදීමෙන් හමුදා පාලකයින් විසින් එරට අන්තර්ජාලය අවහිර කර ඇතැයි වාර්තා වේ.
නෙට් බ්ලොග් අන්තර්ජාල නිරීක්ෂණාගාරය පවසන්නේ අන්තර්ජාල සම්බන්ධතා සාමාන්‍ය මට්ටමේ සිට 16%ක් දක්වා පහත වැටී ඇති බවයි. එය ආසන්න වශයෙන් සම්පූර්ණ අවහිර කිරීමක් බවද ඔවුහු පෙන්වා දෙති.
ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පිවිසීම මුලින් අවහිර කළ අතර ඉන් පැය කිහිපයකට පසු සම්පූර්ණයෙන් අන්තර්ජාලය අවහිර කෙරිණි.
මියන්මාර හමුදාව පවසන්නේ විරෝධතා සඳහා ජනතාව එක්රැස් වීම නැවැත්වීමට අන්තර්ජාල සබඳතා අවහිර කළ බවයි.
රොයිටර් පුවත් සේවය පවසන්නේ අන්තර්ජාල අවහිර කිරීමේ නියෝගයට අභියෝග කරන ලෙස සිවිල් සමාජ සංවිධාන, අන්තර්ජාල සැපයුම්කරුවන්ගෙන් සහ ජංගම දුරකථන ජාලයන්ගෙන් ඉල්ලා සිටි බවයි.
මානව හිමිකම් කණ්ඩායම් ද මෙම වසා දැමීම සාහසික ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති
chandana Sunday, 07 February 2021 05:27 PM
එතකොට ඉන්දියාවේ ගොවියන්ට එරෙහිව ඉන්දීය රජය ඔය විදිහටම සමාජ ජාල අවහිර කළාම මානව හිමිකම් ක්‍රියාකාරීන් හා සිවිල් සමාජ විරුද්ධ වුණාද දන්නේ නැහැ නේද?
පෙරේරා Monday, 08 February 2021 05:45 AM
දැන් බයිල ගහන්න අමාරුයි.