
(බන්දු තඹවිට)
රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලයෙකු අද (02) සවස අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න පොලිස් වසමේ වලගෙදර පන්සල හන්දිය ආසන්නයේ අතුරු පාරක පදිංචි 32 හැවිරිදි විදුලිබල මණ්ඩලයේ මණු කියවන්නෙකු මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගෙන ඇත.
වැලිපැන්න පොලිසියට අනුයුක්ත බස්නාහිර පළාත් බුද්ධි නිලධාරියාට ලැබුණු තොරතුරක් අනුව වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චාමින්ද ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකළහ.
පොලිස් කණ්ඩායම වැටලීම සිදුකරන අවස්ථාවේදී සැකකරු නිවසේ නිදන කාමරයේ අයිස් මත්ද්‍රව්‍ය ඇසුරුම් කරමින් ඊට ඇත.
එහිදී සැකකරු සන්තකයේ තිබු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 800 කට පමණ අසන්න ප්‍රමාණයක් සහ ග්‍රෑම් 1 බැගින් ඇසුරුම් කල ඇසුරුම් කීපයක් සමග ඩිජිටල් වර්ගයේ මත්ද්‍රවය කිරුම් උපකරණයක් ,ජංගම දුරකතනයක් ඇතුළු භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු