IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මානසික ආබාධ දරුවා මුදලට විකුණු එක්දරු පියා වසර 30ක් හිරගෙට

(මනෝ ප්‍රිය ගුණසේකර)

මානසික ආබාධ සහිත දැරියක් බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකාවෘත්‍තියේ යෙදවීම ඇතුළු චෝදනාවන්ට වරදකරු වූ 37 හැවිරිදි එක්දරු පියකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා බරපතල වැඩසහිත වසර 30ක සිර දඬුවම් නියම කළේය.

තම මවට, සහෝදරියට සහ බිරිඳට ගරු කරන්නා සේම මානසිකව මුහුකුරා නොගිය මෙවැනි දරුවන්ටද සමාජයේ සිටින මිනිසුන් ගරු කළ යුතු බව අවධාරණය කළ විනිසුරුවරයා මෙවැනි නොපනත්කම් කරන මිනිසුන්ට අධිකරණයෙන් කිසිදු සමාවක් නොමැති බව විත්තිකරුට දඬුවම් නියම කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

එක් චෝදනාවකට වසර දහය බැගින් චෝදනා තුනට වසර තිහක බරපතළ වැඩ සහිත සිර දඬුවම් විත්තිකරුට නියම කළ විනිසුරුවරයා වින්දිත මන්ද මානසික දැරියට රුපියල් ලක්ෂ හතරහමාරක වන්දියක් ගෙවීමට නියම කළ විනිසුරුවරයා රුපියල් 45,000/- ක දඩයක් ගෙවීමටද නියෝග කළේය.

 



අදහස් (2)

මානසික ආබාධ දරුවා මුදලට විකුණු එක්දරු පියා වසර 30ක් හිරගෙට

Lalla Friday, 13 December 2024 07:38 AM

ආබාධිත හෝ කුඩා දරුවන් පෙන්වමින් හිඟා කන වැඩිහිටියන් හෝ දෙමාපියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බැරිද? දරුවන් නිකමුන් හොරුන් කිරීම ආරම්භ වන එක මාර්ගයක් මේ ක්‍රමය....

:       0       4

Bunny Preena Friday, 13 December 2024 09:41 AM

බොහොම හොඳ තීන්දුවක්

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site