IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප

( කීර්ති ප්‍රනාන්දු  )

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ  හිමිකාරිය  අද (02) සිය නීතිඥයින් මාර්ගයෙන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව  සැකකාරියව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය  නියෝග කළේය  .

එසේම  මිනුවන්ගොඩ  පොලිසියට ගොස්  ප්‍රකාශයක් ලබා දෙන ලෙසද  මහේස්ත්‍රාත්වරිය  රූපලාවන්‍යාගාරයේ හිමිකාරියට නියෝග කරනු ලැබීය  .

මෙම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සිද්ධිය වූ ඉකුත් අගෝස්තු මස  30 දින  සිට පොලිසිය සහ අධිකරණය මගහරිමින්  සිටි අතර ඇයව අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය  දෙවරක් නියෝග  කර  තිබූ අතර  ඇය අද (02) සවස  ජනාධිපති නීතිඥ නලින් දිසානායක සහ නීතිඥ සංජීව හෙට්ටිආරච්චි යන මහත්වරුන් මාර්ගයෙන්  අධිකරණයට ඉදිරිපත් වී තිබිණි.  



අදහස් (1)

මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප

chandima Wednesday, 02 October 2024 11:22 PM

මේ කෙනා කරාපු නිශ්පාදනය වරදක් නිසා උන දෙයක්නේ මේක. අල්ලලා හිරේ දානවට වඩා ඒ වරද නිවරදි කරගෙන ජාත්‍යන්තර මට්ටම දක්වා වැඩි දියුනු කරගන්න අවශ්‍ය පුහුනුව සහ තාක්ශනය ලබා දුන්නා නම් නරකද?

:       9       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site