IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයා ට  එරෙහිව කොළඹ ප්‍රදේශයේ අලවා තිබූ මඩ පෝස්ටරය මුද්‍රණය කළේ යැයි කියන යක්කල ප්‍රදේශයේ මුද්‍රණාල හිමිකරුවා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.

පෝස්ටර්ය පිළිබඳව  තමන් නොදන්නා බවට හා  සිය සේවකයින් විසින් මුද්‍රණය කර ඇති බවට අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළ දසුන් තරංග නමැති මුද්‍රණාල හිමිකරුවාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

සිංහලෙන් තිබූ පෝස්ටරයක් මුද්‍රණය කිරීමට භාරගෙන මුදල් ද ලබාගත් තමුන් එය නොදන්නා බව පැවසීමට තරම් අනවබෝධ පුද්ගලයෙක් දැයි විනිසුරුවරයා මෙහිදී සැකකරුගේ නීතිඥවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසයේ  සංවිධානාත්මක අපරාධා අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක චතුරංග මහතා සහ පොලිස් සැරයෙන්  බණ්ඩාර මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරු පෝස්ටරය මුද්‍රණය කිරීමට ලබාගෙන රුපියල් 43500ක මුදලක්ද ලබාගෙන ඇති බවය.



අදහස් (0)

මන්නාරම විනිසුරුට එරෙහි පෝස්ටර් මුද්‍රණය කළ හිමිකරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site