IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි

(බිමල් ශ්‍යාමන්   ජයසිංහ)

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර්  ඇලවීමට නිර්මාණ කර මුද්‍රණය කිරීමට ලබා  දුන් පුද්ගලයා සහ ඒවා තැන් තැන්වල අලවා ප්‍රදර්ශනය කිරීමට  විවිධ පුද්ගලයන් වෙත ලබා දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ඔවුන් දෙදෙනාම කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් බව පොලිසිය කියයි. සැකකරුවන් සමඟ ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන ඇත.

එම පෝස්ටර් නිර්මාණය කර මුද්‍රණය කර ලබා දුන් 41 හැවිරිදි  සැකකරු දෙහිවල ප්‍රදේශයේදීත්  අනෙක් සැකකරු වන 27 හැවිරිදි  පුද්ගලයා කැලණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් අගෝස්තු මස 28 වෙනිදින  කොටුව දුම්රිය ස්ථානය අසල ,රේගුව ආසන්නයේ , අලුත් කඩේ මහාධිකරණය ආසන්නයේ , පැලවත්ත,  බත්තරමුල්ල හා ගල්කිස්ස ආදී ජනාකීර්ණ ප්‍රදේශවල  මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි  පෝස්ටර් රැසක් අලවා තිබිණි

 

 



අදහස් (4)

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි

රම්බොඩ Thursday, 03 October 2024 09:33 AM

එහෙම පෝස්ටර් එකක් වදින්න එම විනිසුරු වරයා කරලා තියෙන දේ මොකද්ද දන්නෙ නෑ මන්නාරමේනෙ වැඩ කරන්නෙ .

:       0       8

සෙනෙවිරත්න Thursday, 03 October 2024 12:48 PM

අමතකද, මන්නාරාමේ විනිසුරු තුමෙකුට හූ කිව්ව රිෂාඩ් බදූදීන්, ඕක පුරුද්දක් ඔය පැත්තෙ අයගෙ, මහින්ද ඒක යට කලා

:       1       1

de silva Thursday, 03 October 2024 01:50 PM

කුමක් සම්බන්ධයෙන්ද මේ පෝස්ටර් අලවල තිබෙන්නේ , විනිසුරුවරු වරදක් කරහම ඒක විවේචනය කරන්න මිනිස්සුන්ට අයිතියක් නැද්ද ?

:       0       2

Perera Friday, 04 October 2024 03:52 AM

විනිසුරුවරුන්ව ප්‍රසිද්ධියේ පෝස්ටර් ගහලා විවේචනය කරන්න ජනතාවට අයිතියක් නැහැ .අධිකරණ කමිෂන් සභාවට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමට ජනතාවට අයිතියක් තියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site