IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්

 (ජේ.කේ.එල්. චාමින්ද)

මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ  පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ  දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දෙපාර්තමේන්තුවලට අයත් වාහන  31ක් පිළිබද  තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින්  භාවිතාකරණ බවටද  කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබු  බවද විගණනය  මගින් අනාවරණය කොට ඇත.

විගණනය මගින් පෙන්වා දි ඇති ආකාරයට  ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා  සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන  09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත්  වාහන  05ක්,  පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන  04ක්, පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබුණි.

 එමෙන්ම  පළාත් ඉඩම්  දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දේපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංහයට අයත් වාහන 01ක්  පිළිබදවද තොරතුරු  අනාවරණය කර  නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.

 වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත්  අදාළ තොරතුරු රැස්කර ගැනිමටත්  කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ  තොරතුරු  සොයාබලා වාර්තා කරන බවය.

මධ්‍යම පළාත් සභාවේ 2023  මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 



අදහස් (2)

මධ්‍යම පළාත් සභාවේ වාහන 31ක් අතුරුදන්

Shashika51 Tuesday, 17 September 2024 11:51 AM

මහීපාලගේ වතුවල තිබුණා.

:       0       6

Gaminirathna Tuesday, 17 September 2024 11:52 AM

මේ අතුරුදහන් කියන වාහන භරගාණක් තියෙනවා. හිටපු පළාත් සභා මන්ත්‍රී ගලේවෙල එල්. ඩී. නිමලසිරි ලඟ අවුරුදු ගාණක ඉඳන් මෙයා මේ වාහන තමන්ගේ පුද්ගලික පාවිච්චියට ගන්නවා. හොයන්න බලන්න කිසිම කෙනෙක් නෑ. රටේ සම්පත් වලට ගිය කලක්.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site