IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට

(ගයාන් සූරියආරච්චි)

තොටළඟ, මාදම්පිටිය කනත්ත අසලදී ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය පැවැසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  45 සහ 50 වියේ පසුවන කොළඹ 10 සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් දෙදෙනා වෙඩික්කරුවන් සමග දුරකථනයෙන් සම්බන්ධතා පවත්වමින් මියගිය පුද්ගලයා එම ස්ථානයට රැගෙන ඒම සඳහා වෙඩික්කරුවන්ට ආධාර අනුබල දී ඇති බව පොලිසිය පවසයි .

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර මට්ටක්කුලිය මිහි ජය සෙවණ ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස් හයක පුද්ගලයෙකු  එම විවිධ බීමෙන් මියගොස් තිබුණි.

එම පුද්ගලයාට වෙඩි ප්‍රහාර හතක් පමණ තබා තිබූ අතර ස්ථානීය පරීක්ෂණ නිලධාරීන් විසින් හිස් පතොරම් කොපු හතක් සොයා ගනු ලැබීය.

මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන්  එම පුද්ගලයාට වෙඩි තබන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට කිසිදු තුවාලයක් සිදුවී නොතිබුණු බවද පොලිසිය පවසයි. 

ඒ සම්බන්ධයෙන් ඇතිවුණු සැකයක් මත එම පුද්ගලයන් දෙදෙනාගෙන්  කළ ප්‍රශ්න කිරීම් වලදී මෙම ඝාතනය සම්බන්ධයෙන් සුළු මුල හෙළි වී ඇති බව ග්‍රෑන්ඩ්පාස්  පොලිසිය පවසයි

මියගිය පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදන පුද්ගලයකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය කියයි.

කොළඹ උතුර දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එස්.කේ. රූපසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.



අදහස් (0)

මාදම්පිටිය වෙඩි තැබීමට දෙදෙනෙක් සැකපිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 47 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site