(විමුක්ති එස් රුද්‍රිගු සහ ළහිරු හර්ෂණ)
මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍ය වරවුත් සිල්පා අර්චා මහතා ප්‍රකාශ කර ඇත.
වසර 22 කට පසුව තායිලන්තයට පැමිණිමෙන් පසු නව පරිසරයට ඉක්මණින් හුරු වූ බවත් මුතු රාජා තායිලන්තයේ සිටින ජනප්‍රියම ඇතා බවට පත්වී අවසන් බවත් වරවුත් මහතා පවසා තිබේ.මුතු රාජා දැන් තායිලන්ත රජුගේ අනුග්‍රහය යටතේ සිටින බැවින් නැවත ශ්‍රී ලංකාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට ඉඩක් නොමැති බව වරවුත් මහතා ප්‍රකාශ කර ඇත.
බැංකොක් නුවර සිටින ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවකගේ දුරකතන ඇමතුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.දින 30 ක නිරෝධායන කාලය අවසන් වූ පසු දකුණු ඇසේ සුද ඇති වී සිටින මුතු රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාවේ සිටින අනෙක් ඇතුන් දෙදෙනාගෙන් එක් ඇතෙකුට සුළු තුවාල ඇති වී තිබුණත් ඔවුන් රැක බලාගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට තිබෙන බව තමන් විශ්වාස කරන බව අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.ශ්‍රී ලංකාවේ ඇතැම් විශ්ව විද්‍යාල තායිලන්ත ඇතුන් දෙදෙනා රැක බලාගැනීමට එම විශ්ව විද්‍යාල වලට හැකි බවට තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශයට දන්වා ඇතැයි අමාත්‍යවරයා පවසා ඇත.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළද විපක්ෂයට වැඩි බලය හිමිවූ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙ
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මුතු රාජා යළි දෙන්නෑ
නොයෙල් ජනප්‍රිය Wednesday, 05 July 2023 09:08 PM
දෙන්නත් එපා.ඒ වගේ වටින සතෙක් මේ රටේ ඉන්න කහකඩයන්ට පරෙස්සමෙන් බලාගන්න බැරිනම් තව මොන කතාද.
samThursday, 06 July 2023 01:31 PM
වැස්සට තෙමෙනවා අවුවට වේලනවා, පැය 24රේම මාව දම්වැල් වලින් ගැට ගහලා තියෙන්නේ, මම ගිය ආත්මේ විශාල පවක් කරලා ඇති රැහෙන් වෙන්වෙලා මේවගේ තනියම ඉන්න, කන්න දෙනවා නාවනවා, ඒ උනත් මට නිදහසක් නෑ, නිදහස කියන්නේ මේ ලෝකේ ඉන්න සියලු සත්වයාට සොබා දහමින් ලැබුණු දෙයක් එකට සිමාවන් දන්නා කාටවත් බෑ. මාව මෙතන තියාගෙන මගේ නිදහස නැති කරලා වසරකට එක පාරක් දළදා වහන්සේ වැඩමවන්න මාව එක්ක යනවා, අපිට කියලා වන්දවා ගන්නවා.. එක හරිද කියන්න මම දන්නේ නෑ , මට මගේ නිදහස නැති කරලා, මගේ එවුන් එක්ක ඉන්න තියෙන නිදහස මට නැතිකරලා මාව තනි කරලා පින් ලබාගන්න, මාව පෙරහරේ ගිනිහින් ලබා ගන්න පින ගැන වෙනම කතා කලයුතු දෙයක්.. ඉතින් බුදු දහමේ සදහන් වෙනවා සතුන්ට හනිකිරිම හිංසා කිරීමම පාපයක් කියලා. ඒක නොදැන මෙහෙම කරනවද කියලා මට තේරෙන්නේ නෑ . නමුත් මට එක දෙයක් කියන්න පුළුවන් පින් කරගන්න, සංස්කෘතිය කරන්න ගිහින් මිනිස්සු නොදනිම ගොඩක් පවු පුරවා ගන්නවා. ඒ මට හිතෙන හැටි.. අපිත් කැමති නිදහසේ ජිවත් වෙන්න එක අපේ අයිතිය....කවද හරි දවසක මේ ලොකු පන්සල්වල ඉන්න අලි ඇතුන් නිදහස් කරන දවසක් එවි, එක්කෝ නීතියෙන් නැත්නම් සොබාදහම එක්කෝ මේ දෙකම..
pakeer Wednesday, 05 July 2023 09:35 PM
ඇති යන්තම් උන්ට මොලේ පෑදුනා
සංජු Thursday, 06 July 2023 06:43 AM
රෙද්ද පල්ලේ බේරෙන ශ්‍රී ලංකාවේ අභිමානය...
කසුන් Thursday, 06 July 2023 08:51 AM
තායිලන්තය කියන්නේ ඇත්තුන්ට නරක විදිහට සලකන රටක්. ඒක වහගන්න ලංකාවේ එන්ජීධ කල්ලියක් අල්ලගෙන අපි හරි හොදයි කියලා ලෝකෙට පෙන්නන්න කරපු වැඩක් කියලා පේන්නේ. මේකෙන් ලංකාවේ පශු වෛද්‍ය සේවය නරකයි කියන පණිවුඩයත් ලෝකෙට ගියා. ආපහු ගන්න දෙන්නේ මොකොටද ලොකු වුණහාම. ලංකාවේ සංස්කෘතිය නැති කිරීමේ සහ සංචාරක ව්‍යාපාරය නැති කිරීමත් මේවාගේ අරමුණ වෙන්න පුලුවන්
තාරකThursday, 06 July 2023 11:24 AM
සතුන්ට තියා මනුෂ්‍යයින්ටවත් හරියට සළකන්නේ නැති ලංකාවේ මහ ලොකු කයිවාරු සංස්කෘතිය හදා ගන්නේ නැතිව අපි මොකටද තායිලන්තයේ සත්ව හිංසනය ගැන කතා කරන්නේ? @කසුන්, ඔයාටත් මස්තිෂ්කයේ අර්බුධයක් ඇති වෙලාද?
Rasika Thursday, 06 July 2023 10:06 AM
දැන් ඇතා ගැන කතා කරා ඇති නේද?
Rambanda Podiralahamy Thursday, 06 July 2023 11:09 AM
දෙන්නත් එපා. ඒ වගේ වටින සතෙක් මේ රටේ ඉන්න අයට පරෙස්සමෙන් බලාගන්න බැරි නම් තව මොන කතාද?
mangala Thursday, 06 July 2023 11:20 AM
තව ටික දවසකින් ඇතාව ප්‍රදර්ශනය කරලා සල්ලි හම්බකරන business එක පටන් ගනී, රටේ ගැණු ටික ලෝකෙට විකුණන රටකට ඕවා මොනාද අපි නොදන්න තායිලන්තය.
තාරකThursday, 06 July 2023 11:37 AM
ලංකාවේ තවමත් සිදුවෙන ක්‍රියාකලාපය හොඳයිද? එහෙට වඩා මෙහෙ අන්තයි කියලා පිළිගන්න ලැජ්ජයිද?