
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) 149 වැනි සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.
අන්තර් පාර්ලිමේන්තු සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා වන ගෝලීය කැපවීම තහවුරු කරමින් පැවති මෙම සමුළුව සඳහා රටවල් 130 ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 630 කට අධික පිරිසක් සහභාගී වූහ.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ කාර්යමණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා මෙහිදී වැදගත් රැස්වීම් සහ සාකච්ඡා මාලාවකට ද ක්‍රියාකාරීව සහභාගි වූහ.
පාර්ලිමේන්තු මහලේකම්වරුන්ගේ සංගමයේ (ASGP) රැස්වීම, ආසියා පැසිෆික් කණ්ඩායම් රැස්වීම, තිරසාර සංවර්ධනය පිළිබඳ ස්ථාවර කමිටු රැස්වීම සහ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ඇතුළු ප්‍රධාන රැස්වීම් ඒ අතර ප්‍රධාන තැනක් ගනියි.
මෙහිදී ගෝලීය වශයෙන් පාර්ලිමේන්තුවලට මුහුණදීමට සිදුවන අභියෝග සහ පාර්ලිමේන්තු ක්‍රමවේදයන් පිළිබදව කාලීන වශයෙන් වැදගත් අදහස් හුවමාරු කරගැනීම ද සිදුවිය.
පාර්ලිමේන්තු කථානායකවරුන් 54 දෙනෙකු, නියෝජ්‍ය කථානායකවරුන් 36 දෙනෙකු සහභාගී වූ මෙම සමුළුවට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට 36ක් කාන්තාවන් වූ අතර, වයස අවුරුදු 45ට අඩු නියෝජිතයින්ගේ ප්‍රතිශතය සියයට 25ක් විය. මෙලෙස විවිධත්වයෙන් යුතු නියෝජිත පිරිසකගෙන් සමන්විත වූ සමුළුවේදී පාර්ලිමේන්තු භූමිකාවන්හි නියෝජනය වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සාමූහික කැපවීම අවධාරණය කෙරිණි.
තවද මෙරට පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය සහ නියෝජ්‍ය මහලේකම්වරයා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සභාපති ආචාර්ය ටූලියා ඇක්සන් (Tulia Ackson), ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සහයෝගීතා වැඩසටහනේ උපදේශක බ්‍රිජිට් ෆිලියන් (Brigitte Filion) සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තිරසර සංවර්ධන ඉලක්ක වැඩසටහනේ ව්‍යාපෘති නිලධාරී / උපදේශක ඉසබෙල් ඔබදියාරු (Isabel Obadiaru) යන මහත්මීහු සමඟ සාකච්ඡාවලට එක්වූහ. එසේම ඔවුහු ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ න්‍යෂ්ටික ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය එලේනා බුග්ලෝවා මහත්මිය සහ භූතානයේ ජාතික සභාවේ මහලේකම් ඩුබා මහතා සමඟ ද සාකච්ඡා පැවැත්වූහ.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිසබා ලොක්කෝ ජිනීවා සමුළුවට
බකල ජයා Thursday, 24 October 2024 08:48 AM
රැස්වීම්වලට සහභාගිවීම වගේම මේවගේ තීරණ වලින් රටවල්වල ඇතිවෙලා තියෙන, ඇතිවීමට තියෙන වෙනස්කම් ගැනත් අවබෝධයක් අපිට අවශ්‍යයි. නැත්නම් මේව නිකං කතාකර කර ඉන්න යන සාප්පු සවාරි කියල තමයි පේන්නෙ.
ලුම්බිණි Thursday, 24 October 2024 09:25 AM
ඉතින් අපට ආඩම්බර නැද්ද ?
Bunny Preena Friday, 25 October 2024 09:20 AM
මෙම සමුළුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ හැසිරීම් සම්බන්ධව කතා කළාද දන්නේ නෑ.