IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මැතිසබේ නිවාඩු අවලංගුයි

(සුජිත් හේවාජුලිගේ)

නව පාර්ලිමේන්තුව පිහිටුවීම සඳහා පූර්ව කටයුතු සංවිධානය කිරීමට සිදුවන හෙයින් පාර්ලිමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ නිවාඩු  ලබන 18 සිට 22 දක්වා අවලංගු කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (පරිපාලන) ඉන්දිරා දිසානායක මහත්මිය පවසන්නේ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය එම සතියේ සේවයට අනිවාර්යයෙන්ම වාර්තා කළ යුතු බවයි.

මේ කාලසීමාවේ දී පාර්ලිමේන්තුවේ සියලුම අංශ නව පාර්ලිමේන්තුව පිහිටුවීමේ පූර්ව කටයුතු සඳහා සූදානම් කර තැබෙනු ඇත.

දස වැනි පාර්ලිමේන්තුව අභිනවයෙන් ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 21 වැනිදා ය.

දසවැනි  පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ලබන 25,26 සහ 27 දිනවල පැවැත්වේ. පාර්ලිමේන්තුවේ ක්‍රමවේදය සම්බන්ධයෙන් නවක මන්ත්‍රීවරුන්ට එහිදී  පුළුල් දැනුමක් ලබාදීමට නියමිතය.

නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීම ලබන 18,19 සහ  20 දිනවල කෙරෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානි නීතිඥ  චමින්ද කුලරත්න මහතා පැවසීය.

මේ අතර නව පාර්ලිමේන්තුව වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට  පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

එසේම නව පාර්ලිමේන්තුව වෙනුවෙන් සභා ගර්භය ඇතුළු  එහි බොහෝ ස්ථාන  ප්‍රතිසංස්කරණ කිරීමේ  සහ නවීකරණ කිරීමේ  කටයුතු ද ආරම්භ කරනු ලැබ ඇත.



අදහස් (0)

මැතිසබේ නිවාඩු අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site