IMG-LOGO

මැතිසබේ කමිටු හැත්තෑවක් අහෝසියි සභාව විවෘත කිරීම චාමෙට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මෙතෙක් ක්‍රියාත්මකවූ කෝප් ,කෝපා ඇතුළු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව අවසාන (වාර අවසාන) කිරීමත් සමග අහෝසිවී යන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පැවසූහ.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාව ආරම්භ කිරීමෙන් පසුව තේරීම් කාරක සභාව පිහිටුවා නව සාමාජිකයන් පත් කර එම කමිටු නැවතත් පිහිටුවිය යුතු වෙයි. එසේම මෙතෙක් යථා පරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනාද වාර අවසාන කිරීමත් සමග අහෝසි වන අතර මන්ත්‍රීවරුන් ඒ ප්‍රශ්න සහ යෝජනා නැවතත් ඉදිරිපත් කරමින් ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සම්බන්ධීකරණ කාරක සභාව, උසස් නිලතල පිළිබද කාරක සභාව , විශේෂ කාරක සභා සහ ආංශික අධීක්ෂණ කාරක සභා වාර අවසාන කළද අහෝසි නොවනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවද අහෝසිවී නොයන්නේය.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය 2020 අ‌ගෝස්තු 20 සිට 2021 දෙසැම්බර් 12 දක්වාත්, දෙවන සභාවාරය 2022 ජනවාරි 18 සිට 2022 ජූලි 28 දක්වාත් ක්‍රියාත්මක විය.

මේ අනුව නව වැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සභාවාරය 2022 අගෝස්තු 03 දින ආරම්භවූ අතර පාර්ලිමේන්තුව පසුගිය (27) වැනිදා වාර අවසාන කරන මොහොත වනවිට දින 58ක් රැස්ව ඇතැයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

 



අදහස් (1)

මැතිසබේ කමිටු හැත්තෑවක් අහෝසියි සභාව විවෘත කිරීම චාමෙට

දිමුත් Monday, 30 January 2023 02:26 PM

බොරු වැඩක්නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 135 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 417 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site