IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ වැඩට යැවූ පොලිසිය ඉවත් කරයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක පිහිටවනු ලැබූ මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානවල රාජකාරිය යොදවන ලද පොලිස් නිලධාරීන් සියලුදෙනා තාවකාලිකව එම රාජකාරියෙන් ඉවත් කරගන්නා ලෙස විශේෂ පොලිස් පණිවිඩයක් මගින් දැනුම් දී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

මෙම විශේෂ පොලිස් පණිවිඩය නිකුත් කරනු ලැබ ඇත්තේ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසිනි.

මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයකට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනකු බැගින් යොමුකර සිටි බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මැතිවරණ ආරවුල් නිරාකරණය මධ්‍යස්ථානවලට අනුයුක්ත කරන ලද කාර්යමණ්ඩල තාවකාලිකව විසුරුවා හැරීමට මැතිවරණ කොමිෂන් සභාව ගත් තීරණයකට අනුව ඒ සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් ද තාවකාලිකව ඉවත්කර ගැනීමට පියවර ගත් බව එම නිලධාරියා කීය



අදහස් (2)

මැතිවරණ වැඩට යැවූ පොලිසිය ඉවත් කරයි

Aravinda Monarawila Tuesday, 21 February 2023 08:16 AM

ඇත්තටම දැන් පොලිසියේ රාජකාරිය වෙලා තියෙන්නේ හොරුන් මිනීමරුවන් දූශිතයන් රකින එකද ?චන්ද වැඩට නැති පොලිස් නිලධාරීන් පාරේ උද්ඝෝෂණ කරන විට බුරුතු පිටින් මතුවෙනවා .මේවගේ නිවට පොලිස්පතියෙක් මහින්දග් කාලයේවත් හිටියේ නැහැ

:       0       3

විජිත් Tuesday, 21 February 2023 08:16 PM

ලැජ්ජයි..! තමුන්ලා වගේ පොලිස්පතියන් 10ක් කපලා දෙන්නම් පොල්පිත්තකින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site