(නිමල කොඩිතුවක්කු)

ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව සමඟ පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (18 විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය.

පාර්ලිමේන්තුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂයේ දැඩි විරෝධය නොතකා මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩු පක්ෂය තීන්දු කිරීම මැතිවරණ ප්‍රමාද කිරීම සඳහා ගත් කූට උපක්‍රමයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මෙම අත්තනෝමතික තීන්දුවට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය පෙරට එන බවත්, ඊට නායකත්වය දෙන බවත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පැවසීය.

මේ හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මෙන්ම ස්වෛරිත්වයද උල්ලංඝනය කිරීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බවත්, ඡන්දය නොපවත්වා කල්තැබීමට ආණ්ඩුව විසින් ගනු ලබන අන්තනෝමතික කටයුතුවල තවත් දිගුවක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂනායකවරයා තවදුරටත් කීවේය.