
(ටී.කේ.ජී.කපිල)
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා "කුෂ්" සහ ''හෂීෂ්" මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ''හරිත මාවත" ( Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී ඊයේ (14) මධ්‍යම රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඇය රූපලාවන්‍ය සැලූනයක් පවත්වා ගෙන යන 37 හැවිරිදි තායිලන්ත ජාතික කාන්තාවකි .
තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය ඊයේ මධ්‍යම රාත්‍රී 11.55 ට පැමිණ තිබුණි.
ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ " කුෂ්" සහ " හෂීෂ්'' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 22 ක ප්‍රමාණයක් සගවා ගෙන සිටියදී , රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව මෙම කාන්තාව සහ රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි.
ඔවුන් මෙම කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (15) ඉදිරිපත් කර ලබන 22 දින දක්වා රදවා තබා ගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට අවසර ලබා ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
658
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1109
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත්ද්‍රව්‍ය සමඟ තායි කත ගුවන් තොටේදී මාට්ටු