IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


භාෂාව පැටලී දොස්තර නෝනා ගිලන් රියෙන් පැනලා

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

තමා පැහැර ගැනීමට උත්සාහ කරන බවට ඇතිවූ වැරදි වැටහීමකින් වෛද්‍යවරියක ගිලන් රථයකින් පැනීමේ සිද්ධියක්  නෙළුම්කුලම පොලිසියෙන් වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ගිලන් රථ රියැදුරකු සහ රෝහල් සේවකයකු අත්අඩංගුවට ගෙන පසුව මුදා හැරිය බව වවුනියාව නෙලුක්කුලම පොලිසිය කියයි.

වවුනියාව රෝහලට අයත් ගිලන් රථයක් වවුනියාව රෝහලේ සිට වවුනියාව පම්පෙමඩුව ආයුර්වේද රෝහලේ නේවාසික රෝගී සම්බාහන වාට්ටුව වෙත රාත්‍රී ආහාර රැගෙන ගොස් ඇති අතර, ආයුර්වේද රෝහලට ආහාර ලබා දී නැවත පැමිණෙන අවස්ථාවේ රෝහලේ සිටි  වෛද්‍යවරියක තමන් වවුනියාව නව බස් නැවතුම්පොළ වෙත ඇරලවන ලෙසට රියැදුරුට සඳහන් කර ගිලන් රථයට ගොඩවී ඇති බව නෙලුක්කුලම පොලිසිය පවසයි.

එහිදී ගිලන් රථ රියැදුරු පම්පෙමඩුව පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ගිලන් රථයට ඉන්ධන පුරවාගෙන වවුනියාව බස් නැවතුම්පොළට යාමට පිටත්ව ඇති අතර, වවුනියාව බස් නැවතුම්පොළ වෙත කෙටි මාර්ගයකින් ගමන් කිරීමට රියැදුරු ගිලන් රථය හරවා ඇතැයි ද පැවැසේ.

ඒම අවස්ථාවේ සුපුරුදු මාර්ගයෙන් ගිලන් රථය ගමන් නොකිරීම හේතුවෙන් ආයුර්වේද වෛද්‍යවරිය බියවී ගිලන් රථයෙන් එළියට පැන තමන් පැහැරගෙන යාමට කටයුතු කරන බවට කෑ ගසා ඇති බව පාලිය කියයි

සිද්ධිය වූ අවස්ථාවේ මාර්ගයේ සිටි පිරිසක් ගිලන් රථ රියැදුරා හා සේවකයා රථයෙන්බස්සවා අල්ලාගෙන ඇති අතර සිදුවීම පිළිබඳ සිතාගැනීමට නොහැකිව රියැදුරුගේ ඉල්ලීම මත ප්‍රදේශවාසියකු නෙලුක්කුලම පොලිසිය වෙත දැනුම්දී නිලධාරීන් පැමිණි

පසු විමර්ශනය සඳහා රියැදුරු සහ සේවකයා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත. එහිදි ගිලන් රථ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් කෙටි මාර්ගයකින් වවුනියාව බස් නැවතුම්පොළ වෙත ගමන් කිරීමට පිටත් වූ බවත් එම අවස්ථාවේ වෛද්‍යවරිය එකවර බියවි කෑ ගසා රථයෙන් බිමට පැන ඇති බවත්යි.

වෛද්‍යවරිය බස්නැවතුම වෙත කෙටි මාර්ගයෙන් රැගෙන යාම සිදු කරන බවට ගිලන්ර ථයේ රෝහල් සේවකයා ද්‍රවිඩ භාෂාවෙන් ගිලන්රථ රියැදුරුට පවසා මාර්ගය පිළිබඳ ප්‍රකාශ කිරීමේදී සිංහල පමණක් දන්නා වෛද්‍යවරිය එය තේරුම් ගැනීමට නොහැකිව වරදවා තේරුම් ගෙන කෑ ගසා ඇති බවට විමර්ශනවල දී අනාවරණය වූ බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (15)

භාෂාව පැටලී දොස්තර නෝනා ගිලන් රියෙන් පැනලා

රම්බොඩ Tuesday, 27 August 2024 10:39 PM

දැන් එහෙම කිව්වට මොවුන් කිසිවෙකුත් විශ්වාස කරන්න බෑ. වෛද්‍යවරිය එසේ කටයුතු කිරීම වඩා යහපත්.

:       3       16

Ruwan De Silva Tuesday, 27 August 2024 11:11 PM

ලංකාවේ භාවිතා වෙන්නේ භාෂා තුනයි, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි .ඒ තුන බැරිවෙන එක ලොකු අවනම්බුවක්. බ්‍රිතාන්‍යයේ ගොඩක් අයට ඉංග්‍රීසි, ස්කොටිෂ්, ප්‍රංශ, වෙල්ස් භාෂා පුළුවන්. නෙදර්ලන්තයේ නම් ලන්දේසි, ප්‍රංශ, ජර්මන්, ඉංග්‍රීසි ගොඩක් අයට පුළුවන්.

:       13       5

Chinthaka Wednesday, 28 August 2024 03:05 AM

සිංහල ජනතාව සිංහල පමණක් දැනගෙන සිටීමේ විපාකයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධ බලධාරීන් මේවාට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.. ඇත්තටම ප්‍රධාන භාෂාවන් දෙකක් හා සම්බන්ධීකරණ භාෂාවක් තියෙන රටේ භාෂා තුනම ලියන්න කියන්න අනිවාර්ය නීතියක් හදන්න ඕනෑ.

:       3       7

de silva Wednesday, 28 August 2024 07:15 AM

ගිලන්රථ තිබෙන්නේ දොස්තරලාට බස් ස්ටෑන්ඩ් එකට හෝ පුද්ගලික ගමන් යන්න හෝ ආහාර ප්‍රවාහනය සඳහා නොවේ... හදිසි අවස්ථාවක, අසාධ්‍ය ලෙඩුන් ප්‍රවාහනය කිරීම සඳහා වේ. ආහාර හෝ වෙන දේවල් මේකෙන් ප්‍රවාහනය කරන කොට ඒ තුළ ඇති අසාධ්‍ය ලෙඩුන්ගේ ජීවිතාරක්ෂාවට අවශ්‍ය උපකරණවලට හානි සිදුවෙන්න පුළුවන්... රථය අපිරිසිදු වෙන්න පුළුවන්... ගිලන්රථය ලෙඩ්ඩු ප්‍රවාහනය කරන්නේ නැතිනම් රෝහලේ අදාල ස්ථානයේ නවතා තිබෙන්න ඕනේ හදිසි අවස්ථාවක සේවය සපයන්න... මේ අවස්ථාවේ ගිලන්රථය අවභාවිතා වෙලා තිබෙනවා... මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න...

:       6       20

NWS KUMARA Wednesday, 28 August 2024 07:34 AM

කළ උදව්ව පස්සෙන් ඇවිත්...!

:       1       7

ලුම්බිණි Wednesday, 28 August 2024 09:04 AM

මෝඩ වෙද නෝනා කෙනෙක් .

:       24       27

Asela Wednesday, 28 August 2024 09:49 AM

ගෑනුන්ගේ හැටි ඔහොමම තමයි , ඔච්චර බයක් සැකයක් තියනවනම් ගෙදරටම වෙලා හිටියනම් ඉවරයි නේ

:       5       7

rmv_boys Wednesday, 28 August 2024 11:02 AM

රාජ්‍ය සේවකයෝ එක්කෝ දෙමළ, සින්හල භාෂා දෙකම දැනගත යුතුයි. එහෙම නැත්තන් ඉංග්‍රීසි භාෂාව රාජකරි භාෂාව විදියට භාවිතා කළ යුතුයි..!

:       0       18

දු යශෝධා Wednesday, 28 August 2024 11:09 AM

දෙමෙල්ලු විශ්වාස කරන්න බැහැ. විශේෂයෙන්ම උතුරු, නැගෙනහිර...!

:       30       4

Ramsm Wednesday, 28 August 2024 02:13 PM

සිංහල හෝ දෙමළ නෙවෙයි යශෝධා, ගැහැණු පිරිමි ප්‍රශ්නය දිහා බලන්න. පිරිමි දෙන්නෙක් එක්ක එක් ගැහැණු කෙනෙක් ගියේ. ඔවුන් ඇයට නොකියා වෙනත් පාරකින් ගිය නිසානේ ඇය බය වෙන්න ඇත්තේ. ඇයි පාර වෙනස් කරේ..? ඔයා ගැහැණු කෙනෙක් නම් ඔයාට ඔතැනදී මොකද වෙන්නේ? ජාති ආගම් අනුව හිතන්න එපා. සමහර පිරිමි හොඳයි. ඔවුන් කාගේ කවුරු වුණත් ගැහැණුන්ව ආරක්ෂා කරනවා. සමහර පිරිමි හොඳ නෑ. ඔවුන් අවස්ථාව බලලා ගැහැණුන්ට කරදර කරනවා. ඒකට ජාති ආගම් බේද නෑ.

:       0       13

S C J Dias Wednesday, 28 August 2024 12:21 PM

උතුරු සහ නැගෙනහිර වලට දෙමළ සහ සිංහල දන්න අය දාන්න ඕනේ.. ඕවාගේ දේවල් වලින් උතුරු දකුණු අවුල් වෙනවා.

:       2       9

saman Wednesday, 28 August 2024 12:29 PM

ජාති බේද පැත්තක තියලා ගෑණු ආරක්ශාව ගැන හිතන්න​. ඒ නිසා ගෑණු මනුස්සයාට බනින්න කලින් ගෙදර ඉන්න අම්මා, දුව හෝ අනිකුත් ගැහැණු අයගෙන් සහ යෙහෙළියන් එක්ක කතාකරලා ඉන්න මේ බය සාධාරණද නැද්ද කියලා... යන්න ඕනෑ පාරක් තියෙනකොට වෙනත් පාරවල්වලින් කලින් නොකියා රාජකාරි ගමනක් ගියේ මොකද​?

:       4       12

Citizen Wednesday, 28 August 2024 12:51 PM

මෙම සිදුවිමේ බරපතල වරදක් සිදුකර ඈත. ගිලන් රථයක් සේවකයින්ට ආහාර සැපයීමට යොදාගැනීම...

:       2       12

fairoos Wednesday, 28 August 2024 01:38 PM

දොස්තර නෝනා කෙනෙක් ,ඒත් කරපු දේ නම් බාලයි

:       10       1

රංබොඩ Wednesday, 28 August 2024 04:31 PM

වෛද්‍යවරුන් හෝ වෙනත් සෞඛ්‍ය සේවකයින් රෝගියෙක් නැතිව යන වෙලාවේ ගිලන් රථයේ ටික දුරක් යෑම මහා අපරාධයක් නොවෙයි. සාමාන්‍ය දෙයක්... ඉන්දියාවේ වෛද්‍යවරියක් කෙලේසා ඝාතනය කළ උණුසුම සමඟම මේ වෛද්‍යවරිය බියවීම සාමාන්‍ය දෙයක්... ඇයගත් ක්‍රියාමාර්ගයද එසේමයි. ඒකට රට පටළවන කෙස් පැලෙන තර්ක අවශ්‍ය නෑ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 731 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 199 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 82 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 736 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 583 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 205 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 719 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1227 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site