IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


බිරිය මුදලට විකුණුවැයි සැමියා හෝටලයක යකා නටලා

(ආනන්ද ඉ ජයකොඩි)

රූමත් දෙදරු මවක වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක තබා ගෙන ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධව එම හෝටලයේ සේවකයකුට සහ දෙදරු මවට පහර දුන් බව කියන ඇයගේ සැමියා අත් අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය අද (20)  පැවසීය.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක් වන රූමත් විවාහක කාන්තාවක් සමග කිසියම් පුද්ගලයෙකු ප්රේාම සම්බන්ධයක් පවත්වා ඇයව වේයන්ගොඩ හිග්ගොල්ලවත්ත ප්ර්දේශයේ හෝටලයකට රැගෙන විත් මුදල් ඉපයීම සඳහා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියමින් ඊයේ (19) පස්වරුවේ පහර දීම සිදු කොට ඇති බවද පොලීසිය කීය.

එම කාන්තාවගේ සැමියා හෝටලයට කඩා වැදී පළමුව එම කාන්තාවට  පහරදී ඇති බවත් ඒ අවස්ථාවේ එහි සේවකයෙකු පහරදීම වීඩියෝ ගත කළා යැයි කියමින් ඔහුටද පහර දීමෙන් අනතුරුව හෝටලයටද  පහරදී අලාභ හානි සිදු  කොට පලා ගොස් සිටියදී අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියා සිටියේය.

එම හෝටලය තුල කාන්තාවන් මුදලට අලෙවි කරනවාද යන්න  පිළිබඳව වෙනම පරීක්ෂණයක් පවත්වා ගෙන යන බවත් මෙයට පෙරද එම කාන්තාව මෙම හෝටලය තුල තබා ගෙන සිටි බවට තොරතුරු ලැබී ඇති බවද  පොලීසිය කීය.

අත් අඩංගුවට ගෙන සිටින  සැකකරු රැකියාව සදහා නිවසින් පිටව යාමෙන් පසුව බිරිය හෝටලයට කැදවා ගණිකා වෘත්තියේ යොදවන බවද පරීක්ෂණවලදී හෙළි වී ඇත.

පහර දීම සම්බන්ධව අත් අඩංගුවට ගෙන සිටින සැකකරු අත්තනගල්ල මහේස්ත්රාතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික සිල්වා හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ප්‍රභාත් දයානන්ද යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්රතධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා ප්රනමුඛ එහි පොලිස් නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

 



අදහස් (13)

බිරිය මුදලට විකුණුවැයි සැමියා හෝටලයක යකා නටලා

Suba Monday, 20 December 2021 04:24 PM

සැමියා මොකටද යකා නටලා වටේ පිටේ මිනිස්සුන්ට පහර දීලා දේපළ වලට හානි කරන්නේ? බිරිඳ සිය කැමැත්තෙන්මනේ වෘත්තියේ යෙදිලා තියෙන්නේ!!! සැමියා මුලින්ම කරන්න ඕන වෛද්‍ය පරීක්ෂණයක් කරලා තමාට සමාජ රෝග වැළඳිලා නැති බවට තහවුරු කර ගන්න එකයි. දරුවන් දෙදෙනාගේ පීතෘත්වය තහවුරු කරගන්න එකයි.

:       15       47

fairoosMonday, 20 December 2021 05:07 PM

අනේ සුබා, ඔයාගේ අදහසට ගොඩක් ස්තූතියි..!!! 

:       4       25

SamiraMonday, 20 December 2021 06:42 PM

ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුරු දාර්ශනිකයි...

:       0       0

bamunuarachchiMonday, 20 December 2021 08:39 PM

ඔව් ඔව්, ඔබ කියන විදිහට තමයි ලෝකේ වැඩ සිද්ද වෙන්නේ. ඔබට සිදුවුණාම එ් විදිහට වැඩ කරන්නකෝ...!

:       0       0

reksMonday, 20 December 2021 11:16 PM

තමන්ට වුණු දවසට බලන්න..!!!

:       0       0

Lalith M Tuesday, 21 December 2021 06:54 AM

පලපුරුද්ද සහ අත්දැකීම තිබෙන අවවාදයක්... කෙසේ වුවද කාන්තාව කැමැත්ත මත ගියා නම් සැමියාගේ අවුලක් ඇති... මුදල් හෝ වෙනත් අවශ්‍යතාවක්...

:       0       0

sampath Tuesday, 21 December 2021 12:05 AM

මේ වගේ වෙලාවක සැමියගේ හැසිරීම හරිම සාධාරණයි. හෝටල් සේවකයාත්, මේ කාන්තාවත් අත්අඩංගුවට ගන්න ඕනේ...

:       0       0

beau Tuesday, 21 December 2021 12:22 AM

වැරැදි එක්කෙනාවනේ පොලිස් අත්අඩංගුවේ ඉන්නේ.. කාන්තාවයි, ඒ අනුබල දුන්නු කෙනයි අත්අඩංගුවට ගත යුත්තේ. බලනකොට පොලිසියත් මේ වැඩවලට සම්බන්ධ ඇතියි කියලයි මට පෙනෙන්නේ...

:       0       0

Don Tuesday, 21 December 2021 02:16 AM

ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි දැන් කාලේ... බිරිඳ මේක්අප් කරන්න මුදල් ඕනෑ වුණාම කරන වැඩනේ්... එච්චර ගණන් ගන්න එපා.

:       0       0

lal Tuesday, 21 December 2021 04:14 AM

මෝඩ සැමියෙක්. මේ වගේ කාන්තාවකගෙන් ගැලවෙන්නේ නැතුව පිස්සු නටනවා. අද කාලේ මේවා වැහිවැහැලා...

:       0       0

Kumara Tuesday, 21 December 2021 06:54 AM

වටේ යන උන්ව කරගහගත්තම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...

:       0       0

janahitha Tuesday, 21 December 2021 09:06 AM

කළයුතුව තිබුණේ පළමුව පොලිසියේ පැමිණිල්ලක් දමන එක... දෙවනුව ඔවුන් අල්ලා උසාවි දැමීම... කළයුතුව තිබුණු බරපතල වරදක්... කාන්තාවට සහ හෝටල් හිමියාට නීතියෙන් දඬුවම් ලැබෙනවා.

:       0       0

සෝම Tuesday, 21 December 2021 10:57 AM

අනේ ද කියන්නෙ ඔයින් ගියා මදැයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 39 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 364 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1534 4

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2634 2

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1071 1

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 496 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site