
(නිමල කොඩිතුවක්කු)
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී ඇත්තේ රුපියලකින් බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසීය.
නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 27, 56, 66, 77 ආදී ගාස්තු අය කරන බවත් එම වාසිය බස් හිමියාට හෝ මගී ජනතාවට නොලැබෙන බවත් ප්‍රියන්ජිත් මහතා පැවසීය.
මේ හේතුවෙන් කොන්දොස්තර මහතුන් සහ මගී ජනතාව අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව අවම ගාස්තුව රුපියල් 25ක් ලෙසත් අනෙකුත් ගාස්තු 55, 65, 75 ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටින බවත් හෙතෙම පැවසීය.
මේ පිළිබඳවත් අවධානය යොමු කරමින් මගී ජනතාවට මෙයට වඩා සහන සැලසිය හැකි බවද ඔහු තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
705
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
priyanka Thursday, 03 October 2024 01:04 AM
ඒ කතාව හරි ආවාම ගාස්තුව 25 ක් වත් වෙන්න ඕනෑ
Welsiri Thursday, 03 October 2024 05:23 AM
බස් සංගම් මොනවා කිව්වත් කොන්දොස්තරලා තමන්ට වාසිතකා ගාස්තු සංශෝධනය කරගෙන තියෙනවා බස්ගාස්තු සංශෝධනය කරන්නෙ කොන්දොස්තරලාම තමයි එහෙම නැත්නම් ඔවුන්ගේ ළගම නෑයෙක් කියලා හිතෙනවා