
(අංජුල මහික වීරරත්න)
නව රජයේ ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක සහයෝගය ලබා දීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම කැමැත්ත පළ කර තිබේ.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ගේ ප්‍රධානත්වයෙන් බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (13) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාව පළ කර ඇත.
ඒ අනුව පෝෂණ ව්‍යාපෘති, පාසල් දරුවන් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහන්,කෘෂි කර්ම නවීකරණ ව්‍යාපෘතිය, ඩිජිටල්කරණය සහ පශු සම්පත් සංවර්ධන වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍ය සහ තාක්ෂණික පහසුකම් ලබා දීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම එකඟතාව පළ කර ඇත.
මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ,ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ප්‍රධාන උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ අග්නිදිග ආසියාවේ ප්‍රතිපත්ති හා රාජ්‍ය සබඳතා පිළිබඳ කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන් (Dr Jamal Khan), ඩිජිටල් මහජන යටිතල පහසුකම් අධ්‍යක්ෂ සංජේ ජේය්න් (Sanjay Jain) ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බිල් - මෙලින්ඩා සහය ලංකාවට