(සුජිත් හේවාජුලිගේ)
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
රජයේ රෝහල් විසින් හදිසියේ කරනු ලබන මිලදීගැනීම්වලින් සියයට 40ක ප්‍රමාණයක මෙරට ලියාපදිංචිවී නැති ඖෂධ දක්නට ඇති බව රෝහල් අධ්‍යක්ෂවරු පිරිසක් පැවසූහ.
රෝහල් අධ්‍යක්ෂවරුන් බොහෝ අය ඖෂධ සමාලෝචන රැස්වීමේදීද මෙම කරුණු සෞඛ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.
ඖෂධ නියාමන අධිකාරියේ නිසිලෙස නැවත ලියාපදිංචි කිරීම සහ නව ලියාපදිංචි ඖෂධවල සහතිකපත් අදාළ සමාගමට ලබාදීමට ප්‍රථමයෙන් ප්‍රධාන විධායක නිලධාරියා අන්තනෝමතික ලෙස මිල නියාමන කිරීම මෙම තත්වයට හේතුවී ඇති බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඖෂධ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස පවතින රටවල ඖෂධ මිල නියාමනය කිරීම සඳහා වෙනම ස්වාධීන ආයතනයක් සහ ඖෂධවල ගුණාත්මකභාවය නියාමන කිරීම සඳහා වෙන් වෙන්ව බොහෝ ආයතන පවතින බව පෙන්වා දෙන රෝහල් අධිකාරිහු මෙරට ඖෂධ නියාමන අධිකාරි පනතෙන්ද එසේ කටයුතු කිරීම සඳහා බලතල ඇති බව පෙන්වා දෙති
මේ අතර සැපයුම්කරුවන් අගතියට පත්වන අවස්ථාවලදී අභියාචනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් අභියාචනාධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන නමුත් අදාළ නිලධාරීන් එසේ නොකර අදාළ සීමාවෙන් පිට තම අභිමතය පරිදි කටයුතු කරන බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙවැනි තත්වයක් පවතින බවයි.
එසේම අද ඖෂධ නියාමන අධිකාරිය මාෆියා මූලස්ථානයක් බවට පත්ව ඇති බවත් එහි විධායක නිලධාරීන් හැසිරෙන්නේ පෞද්ගලික බූදලයක් අතට ගත් පිරිසක් සේ බවත් ඔහු කීවේය
ඖෂධ සමාගම්වලින් විශාල වශයෙන් මුදල් අය කළද මුදලට සරිලන සේවාවක් ඉන් නොසැපයෙන බවද බෙල්ලන මහතා වැඩිදුරටත් පැවසීය.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බාල බෙහෙත් 500ක්: රෝගී ජීවිත අවදානමේ