IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බලපත් නැතිව වැලි ප්‍රවාහනය කළ 5 ක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)

වලංගු බලපත‍්‍රයක් නොමැතිව කාල්කන් ඔයේ සිට වැලි ප‍්‍රවාහනය කළ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ට‍්‍රැක්ටරක් සහ පුද්ගලික ට‍්‍රැක්ටර් 5 ක් රියදුරන් ද සමග කොටවෙහෙරමංකඩ ප‍්‍රදේශයේ අත්ඩංගුවට ගත් බව හම්බෙගමුව පොලීසිය පවසයි.

මින් එක් රියදුරෙක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන කෙනෙක් බවත් සෙසු හතර දෙනා පුද්ගලික ට‍්‍රැක්ටර් රියදුරන් බවත් පොලීසිය පැවසීය.

 අත්අඩංගුවට ගත් ට‍්‍රැක්ටර් පොලීසිය භාරයේ රදවා රියදුරන් පස් දෙනා 05දා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැරිය බවත් පොලීසිය පැවසුවේය.

හම්බෙගමු පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ඞී.එම්. විජේසුන්දර මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.



අදහස් (0)

බලපත් නැතිව වැලි ප්‍රවාහනය කළ 5 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site