
(පද්මසිරි ගාර්දියවසම් සහ රන්න චන්ද්‍රසේන ගමගේ)
මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රිය මැදිරියක අසුනක් යට බෑගයක තිබී ටී 56 වර්ගයේ ගිණිඅවි සදහා භාවිතා උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ 57 හමුවී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි.
මරදානෙන් අද (29) උදෑසන 6.30ට පිටත්වූ දුම්රිය දහවල් 12.30 ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ලගාවී තිබේ.
දුම්රියේ පැමිණි ජනතාව පිටව ගිය පසු දුම්රිය ආරක්ෂක අංශයේ නිළධාරින් විසින් දුම්රිය පරීක්ෂා කිරීමේදී එහි තුන්වන පංතියේ මැදිරියක අසුනක් යට තිබී කලු පැහැති බෑගයක් හමුවී ඇති අතර එම බෑගයේ තිබී උණ්ඩ පුරවන ලද මැගසිනය සහ කලු පැහැති ප්ලාස්ටික් කෝප්පයක තිබී ජීව උණ්ඩ හමුවී ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.
තංගල්ල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර පෙත්තතන්ත්‍රි මහතාගේ උපදෙස් පරිදි බෙලිඅත්ත පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි .
(ඡායාරූපය: රන්න චන්ද්‍රසේන ගමගේ)
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බෙලිඅත්ත දුම්රියේ ටී56 උණ්ඩ 57ක්
de silva Tuesday, 29 October 2024 02:54 PM
ඩේසි ආච්චිගේ කවුරුහරි බලන්න යන ගමන් අමතක වෙලා දමලා ගිහින් වෙන්න ඇති.
බකල ජයා Tuesday, 29 October 2024 03:49 PM
මේ පාතාලයා ගණන් ෆේල් එකක් වැඩියෙන් ගැනලා.
Nandalal DE SILVA - France Tuesday, 29 October 2024 05:31 PM
මහ ඡන්දෙ ළඟනිසා නාමල් ඇතුළු රාජපක්ෂ අය කියාවි මැද මුලන රංචුව ඉලක්ක කරගෙන මරන්න හමුදාවක් ඇවිල්ලා කියලා... කෝච්චියෙන්. ඩේසි ආච්චිගේ මැණික් මල්ල වගේ මේ මල්ලත් ඔවුන්ට කෝච්චියේ අමතක වෙලා කියලා...!
sam Wednesday, 30 October 2024 09:57 AM
සුනාමියලාගේ හෙන්චයියෙක් වෙන්න ඇති