IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බුරු පොළක් වටලා 12 ක් අත්අඩංගුවට

(ආනන්ද ඉ ජයකොඩි)

වතුපිටිවල රණවිරුගම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බූරු පොලක් වටලා මුදල් ඔට්ටුවට බූරු ගසමින් සිටි දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.

 සෞඛ්‍ය නීති රීති පවා අනුගමනය කිරීමකින් තොරව බූරු ගැසීම කරමින් සිටියදී ඊයේ (28) රාත්‍රී 11 ට පමණ වැටලීම සිදු කළ බවත් ඒ අවස්ථාවේ අත් අඩංගුවට ගත් දොළොස් දෙනාට අමතරව එහි සිටි තවත් පිරිසක් පැන ගොස් ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

බූරු පිටියේ තිබී රුපියල් තිස් දහසක පමණ මුදලක් ද පොලීසියට හමු වී ඇත.

අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් වතුපිටිවල රණවිරුගම මාතලාන හා ඔචර්ඩ්වත්ත යන ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පොලීසිය කීය.

මොවුන් සියළු දෙනා ඇප අත්සන් කිරීමෙන් අනතුරුව මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ නිවාස වලම ස්වයං නීරෝධානයට යොමු කිරීමට පියවර ගන්නා බවද පොලීසිය පැවසීය.

පැන ගිය පිරිස අත් අඩංගුවට ගැනීම සඳහා පොලීසිය  පරීක්ෂණ  පවත්වා ගෙන යයි.

 



අදහස් (0)

බුරු පොළක් වටලා 12 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site