IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බූරු පොළක් වටලා 11 අත්අඩංගුවට

(මතුගම බන්දු තඹවිට)

සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංගනය කරමින් පවත්වාගෙන ගිය බූරුපොලක් වටලා සූදු ක්‍රීඩාවේ නිරතවූ පුද්ගලයන් 11 දෙනෙකු මතුගම මුලස්ථාන පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

නවුත්තුඩුව කරම්පෑතර ප්‍රදේශයේ නිවසක නීති විරෝධීව බූරු පොලක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී බූරු ගැසීමේ නිරතවූ එම ප්‍රදේශයේම පදිංචි 11 දෙනෙකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් සැකකරුවන් නිරෝධායන නීති කඩකරමින් සූදු කෙලීමේ චෝදනාවට අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත අතර කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත,කළුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස,කළුතර කොට්ඨාශ 1 භාර පොලිස් අධිකාරී සුසිල් විජේගුණවර්ධන මහත්වරුන්ගේ උපදෙස් අනුව මතුගම මුලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ඩී.කේ.රුද්‍රිගු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.

 

 



අදහස් (0)

බූරු පොළක් වටලා 11 අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site