IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බිරිය මරා නැන්දණියටත් පහර දී සැමියාත් මිය යයි

 (කුෂාන් ජයවර්ධන )

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී  බිරිය  ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙන් තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

 තියුණු ආයුධවලින් පහරදී නැන්දණියට ද බරපතළ තුවාල සිදු කර ඇතැයිද මොරගොඩ පොලීසිය කියයි.‍ෙ

මෙම සිදුවීම අද (18) දහවල් සිදු වී ඇති අතර, සිද්දියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ වන්නම්මඩුව ලබුනෝරුව ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියෙහි පසුවූ ලොකුබණ්ඩාගේ සුනෙත්‍රා කුමාරි නමැත්තියක බව පොලීසිය කියයි.

සිය බිරිය ඝාතනය කිරීමෙන් පසු එම සැකකාර සැමියා 60 හැවිරිදි වියෙහි පසුවූ සිය නැන්දනියට ද තියුණු ආයුධයකින් පහර දී බරපතළ තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි.

තියුණු ආයුධයකින් කළ එම පහරදීම් හේතුවෙන් බරපතළ තත්වයේ පසුවූ එම කාන්තාව අසල්වාසීන් එක්ව කඩිනමින් ප්‍රතිකාර සදහා පයිරිමඩුව රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබිණි.

 

 



අදහස් (0)

බිරිය මරා නැන්දණියටත් පහර දී සැමියාත් මිය යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site