IMG-LOGO

බාබකියු උඳුනක් කාමරයේ තබා ගත් තිදෙනෙක් රෝහලට

(රංජිත් රාජපක්ෂ සහ සුහෙල්)

බාබකියු උදුනක් කාමරයක සිතලට ලබාගෙන නින්දට ගිය පුද්ගලයන් තිදෙනකු සිහිසුන් වි සිටියදි නුවරඑලිය මහ රෝහලට ඇතුලත් කළ බව නුවරඑලිය පොලිසිය පවසයි.

කුරුණැගල මහව ප්‍රදේශයේ සිට නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි 08 දෙනකු නුවරඑලිය මාගස්තොට ගැමුණු මාවතේ පිහිටි නිවසක් කුලියට ගෙන නතර වි ඇත.

එම පිරිස ඊයේ රාත්‍රියේ එම නිවසේ සාදයක් පවත්වා ඇති අතර,එහිදි බාබකියු උදුනෙන් මස් පුළුස්සා ආහාරයට ගෙන අලුයම 3 ට පමණ එම පිරිස සිටි පුද්ගලයන් තිදෙනකු  බාබකියු උදුන ඔවුන්  කාමරයක් තුලට රැගෙන ගොස් ඇත. ඒ මෙම දිනවල පවතින සීතල මඟහරවා ගැනීම සඳහායි.

එම කාමරය තුල අවු 20 , 30 සහ 48 හැවිරිදි පුද්ගලයන් තිදෙනකු සිට ඇති බවත්, ඔවුන් අද අලුයම අවදි නොවු නිසා ඒ පිලිබදව සොයා බැලිමේදි එම තිදෙනා ඇද මත සිහි සුන්ව සිට ඇත.  ඒ පිලිබදව එම සංචාරය සදහා පැමිණි සෙසු පිරිස එම නිවසේ අයිතිකරු වෙත දැනුම් දිමෙන් පසු ප්‍රදේශවාසින් සමග එක්ක 1990 ගිලන් රථය මගින් නුවරඑලිය රෝහල වෙත ඇතුලත් කර ඇත.

රෝහල් ගත කළ තිදෙනාගේ තත්ත්වය බරපතල නිසා එම තිදෙනා නුවරඑලිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත්, එම තිදෙනාගේ තත්ත්වය බරපතල බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නුවරඑලිය පොලිසිය පවසයි.



අදහස් (3)

බාබකියු උඳුනක් කාමරයේ තබා ගත් තිදෙනෙක් රෝහලට

Karl Tuesday, 12 April 2022 05:21 PM

අනේ මෙහෙමත් ගොං බූරුවො.....

:       0       0

සෙනෙවිරත්න Tuesday, 12 April 2022 06:30 PM

මේහා සමාන දෙයක් මීට මාසෙකට කලින් වෙලා දෙදෙනෙක් මළා. මෙතන හිටපු එක් අයෙකුට වත් ඒක අමතක උනාද?

:       0       0

SISIRA Wednesday, 13 April 2022 12:19 AM

සාමාන්‍ය දැනුම වත් නැතිකම .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 349 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 891 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1298 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site