(සමන් පාලිත නානායක්කාර සහ ප්‍රසාද් රුක්මල් )
විශාල නාය යාමක් සක්‍රිය වීම හේතුවෙන් අද (8) කොස්ලන්ද කැලිපාණාවල අස්වැද්දුම ගමේ පදිංචි පවුල් විසි හයක් පදිංචි ස්ථානවලින් වහාම ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ.ඒ ජේ .ප්‍රියංගිකා මහත්මිය කීවාය.
කොස්ලන්ද කැලිපානාවෙල වසමේ අස්වැද්දුම ගම්මානයට ඉහළින් අක්කර පහළොවකට අධික භූමියක් අස්ථාවර වී නාය යාම සක්‍රිය වී ඇති බවද ප්‍රදේශීය ලේකම් මහත්මිය කීවාය.
ඉවත් කළ පවුල් අද දින තාවකාලිකව ඥාති නිවෙස් වලට යොමු කර තිබේ.
මෙම නායයාම සම්බන්ධ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පසුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ .ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
පවතින අධික වර්ෂාවත් සමඟ ජල මට්ටම බෙහෙවින් ඉහළ යාම නිසා උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම අද (08) අට දින රාත්‍රී විවෘත කළ බව ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.
මේ අතර මේ හේතුවෙන් රටලවෙල , තෙල්දෙණියාව, අළුයටවෙල, දිවුලපැලස්ස යන ප්‍රදේශවලට සුළු ගං වතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාව විමසිලිමත්ව සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ රන්දෙනිය ස්ථානයෙන් විශාල ගසක් කඩාවැටී එම මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී ඇති බවත් පස් කඳු කඩා වැටීමේ අවදානම හේතුවෙන් බිබිල ලුණුගල මාර්ගය අද අට (08) සවස නැවතත් වසා දැමූ බව ත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය.
පස් කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබූ බිබිල ලුණුගල මාර්ගය අද උදෑසන සිට ගමනාගමනය සඳහා විවෘත කර තිබුණද නැවත සවස වසා තැබීමට පියවර ගෙන ඇත.
බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ හාලිඇල තිස්පස් වැනි කිලෝ මීටර කණුව අසල මාර්ගයේ කොටසක් නායාම හේතුවෙන් ගමනාගමනය තනි මන්තීරුවකට සීමා වී තිබේ.
එම නාය ගිය ස්ථානයේ දැවැන්ත ගසක් අධිබලැති විදුලි රැහැන් මතට කඩා වැටී තිබෙන අතර මාර්ගයේ නාය ගිය කොටස බදුලු ඔය දක්වාම ගලා ගොස් ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
බදුල්ලේ පාරවල් අදත් වැසෙයි