( පාලිත ආරියවංශ)
බදුල්ල සතොස ආයතනයේ දෙදෙනකු කොවිඩ් අසාධියන් බව තහවුරු වීම නිසා අද (21) දහවල් සිට එම ආයතනය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පද්ම ම හතා පැවසීය .
ඉකුත් 17 වැනිදා බදුල්ල වෙලේකඩේ දි සිදුකළ අහඹු පීසීආර් පරීක්ෂණ වාර්තාව (21) දින ලැබුන අතර එම වාර්තාවට අනුව මෙම දෙදෙනා ඇතුළු 5 දෙනෙකු ආසාධිතයන් බව තහවුරු වූ බව පියල් පද්ම මහතා සඳහන්කළේය .
සතොස ආයතනයේ දී හමුවූ ආසාධිතයන් දෙදෙනා නිසා ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සලකා එම කාර්යමණ්ඩලය පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති අතර එතෙක් ඔවුන්ට ස්වයං නිරෝධායනයට ලක් කළබවද සඳහන්කළේය
අනෙක් තිදෙනා අතර හාලිඇල පදිංචි දෙදෙනෙකු හා මොණරාගල පදිංචි කරුවෙක් ද සිටින බව පැවසීය .
මීට අමතරව ස්වයං නිරෝධායනට ලක්කර සිටි පවුල් වල සාමාජිකයන් පිරිසක් පීසීආර් පරික්ෂාවට ලක්කර තිබූ අතර ඔවුන්ගෙන් 7 දෙනෙක් ද ආසාධිතයන් බවට එම වාර්තාවලින් අනාවරණය වී තිබේ .
2025 දෙසැම්බර් මස 30
35
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුල්ල සතොස තාවකාලිකව වසා දමයි