IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘‘බෙදුම්වාදීන් මුදල් යොදවා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් - දේශපාලඥයින් මිලදී ගන්නවා‘‘

(මුදිතා දයානන්ද)

දෙමළ බෙදුම්වාදීන් යුද සමයේ ආයෝජනය කළ ව්‍යාපාරවලින් තවමත් ලාභ ලැබෙනවා. ඒවා යොදවා ඔවුන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ දේශපාලඥයින් මිලදී ගන්නවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් වූ ලංකාවට එරෙහි මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ඇතැම් රටවල් හැසිරෙන්නේ ඒ බලපෑම් අනුව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (25) පැවසීය.

ඔහු මේ බව පැවසුයේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී ඔහු මෙසේද පැවසීය.

          ‘‘අපි බෝලය දැම්මා පහර දෙන ආකාරය ඔවුන් තීරණය කරන්න ඕන. මේ කතා දෙමළ බෙදුම්වාදීන් ප්‍රචාරය කළ දේවල්. විදේශීය සඟරාව සඳහන් වෙනවා දෙමළ බෙදුම්වාදීන් ආයෝජනය කළ විවිධ ව්‍යාපාරවලින් ඔවුන්ට මුදල් ලැබෙන ආකාරය. යුද්ධය නැවතුනත් මේ ආදායම් මාර්ග නැවතිලා නැහැ. ඒවා යොදවා ඔවුන් දේශපාලනඥයින් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් මිලදී ගන්නවා. එහෙම තමයි මේවා කරන්නේ. දැන් මේ රටවල් හැසිරෙන ප්‍රතිචාර දක්වන ආකාරය අනුව බලන්න පුලුවන් දෙමළ බෙදුම්වාදීන්ගෙන් ඔවුන්ට ඇතිව තිබෙන බලපෑම කෙබඳුද කියලා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට 2015 දී ඉදිරිපත් කළ යුද සමයේදී ලංකාවේ මානව හිමිකම් කඩ කර ඇති බවට වන චෝදනා ඇතුළත් යෝජනාවලියට ලංකාව සම අනුග්‍රහකත්වය දැක්වූවා. එයින් අපට ඉදිරිපත් කළ චෝදනා සියල්ල පිළිගත්තා හා සමාන වෙනවා.

එහි සඳහන් කරුණු ඉටුකරන ලෙස හා එම ක්‍රියාවලියේ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් කොමිසමේ 46 වන සැසියට ඉදිරිපත් කරන ලෙස වන යෝජනාවටද ලංකාව සම අනුග්‍රාහකත්වය දක්වා තිබෙනවා. අපි දැන් ඉවත්වන්න යෝජනා කර තිබෙන්නේ එම දෙවන යෝජනාවෙනුයි. එයට තාක්ෂණික ගැටලු සේම හරයාත්මක සාධකද ඉදිරිපත් කරන්න අපිට පුලුවන්.

අපේ හමුදා යුද අපරාධ නොකළ බවට යුද සමයේ සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය නියෝජිත හා එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක නිලධාරී සැකසු වාර්තාවලින් පැහැදිලි වෙනවා.

හතලිස් දහසක් මැරුණ බව කියනවා. නමුත් නාම ලේඛනයක් නැහැ. එක්කෝ ඒ අයගේ මිනි හමුවෙන්න ඕන. නැත්නම් වළදාපු තැනක් තියෙන්න ඕන. ඒ කිසිම සාක්ෂියත් නැහැ. ඒ නිසා මේක හිතලුවක් පමණයි. අතරුදන් බව කියන ඇතැමුන් සරණාගතයින් ලෙස විදේශ රටවලට ගිහින් තිබෙනවා.

ජීනිවා යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් මේ රටේ ජාතික සමගිය බිඳ වැටුණා. සංහිඳියාව නැතිව ගියා. ඒ බව පසුගිය ජනාධිපතිවරණයෙනුත් පෙන්නුම් කෙරෙනවා. සිංහල ජනතාවගෙන් සියයට හැත්තෑවක් අපේ අපේක්ෂකයා තෝරා ගන්නා විට දෙමළ ජනතාවගෙන් සියයට අසූපහක් ප්‍රතිවාදි අපේක්ෂකයා තෝරාගෙන.

මේ විනාශකාරි වැඩපිළිවෙල දිගට ගෙනියන්න ඉඩ දෙන්න බැහැ. ඒ නිසයි මේ යෝජනාවෙන් ඉවත් වෙන්න තීරණය කළේ.යැයි ඒ මහතා පැවසීය.

 

 



අදහස් (0)

‘‘බෙදුම්වාදීන් මුදල් යොදවා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් - දේශපාලඥයින් මිලදී ගන්නවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 285 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site