IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට

( බී.ජී. චතුරංග )

අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට  පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමින් යදමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (18 ) අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය පවසයි. 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්ස පුර, පණ්ඩුලගම, වෙස්සගිරිය, තිසා වැව, ජයන්තිමාවත, කොරකහ වැව යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 51ත්,  80ත් අතර වියේ, පසුවන කාන්තාවන් හය දෙනෙකි. 

සැකකාර කාන්තාවන්, ඇස් වලට කාච දමා ගැනීමට , වකුගඩු රෝග ප්‍රතිකාර , දඹදිව වන්දනාවේ යාම සඳහා බව පවසමින්   මුදල් ඉල්ලා 'පෙත්මග' තුල ගමන් කරන බැතිමතුන්ගෙන්  සිඟමන් ඉල්ලා මාර්ගය හරස් කරන බවට නිරන්තරයෙන්  ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකාරියන් අත්අඩංගුවට ගත් බව උඩමළුව පොලිසිය සඳහන් කළේය 

 

 



අදහස් (3)

බැතිමතුන්ට හිරිහැර වන ලෙස සිඟමනේ ගිය 6ක් අත්අඩංගුවට

Don Don Monday, 18 November 2024 02:57 PM

මේ කොළඹ ට්‍රැෆික් ලයිට් වල ඉන්න සෙට් එකත් අරන් යන්න බැරිද? මළ කරදරේ... ලයිට් පත්තු වුණාම යන්නත් නැහැ.

:       0       77

Weerasekara Monday, 18 November 2024 05:21 PM

කොළඹ නගරයේ පමණක් නොවෙයි, තදාසන්න ප්‍රදේශවල හා බස්වල හා බස් නැවතුම්පොළ වලත් ඉන්න ඔක්කෝමලා පුනරුත්ථාපනය කරන්න ක්‍රමයක් යෙදුවොත් ලොකුම සේවයක් වෙනවා...!

:       0       52

thilak Monday, 18 November 2024 08:33 PM

මේ අය රටට වැඩදායි වන කෘෂිකර්මාන්තය වැනි දෙයකට යොමු කිරීම යෝග්‍ය යයි සිතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site