(සුජිත් හේවාජුලිගේ)
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට සිවු පුද්ගල කමිටුවක් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයනි වෑගඩපොළ සහ රජයේ නීතිඥ ශක්ති ජාගොඩාරච්චි යන මහත්ම මහත්මිහු කටයුතු කරති.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සාක්ෂිවලින් අධි චෝදනා ගොනු කළ හැකිදැයි කරුණු අධ්‍යයනය කිරීම මෙම කමිටුවට පැවරෙන වගකීමයි.
තවදුරටත් විමර්ශන කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමට කමිටුවට පවරා ඇති බව දැනගන්නට ඇත .
බටලන්ද කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය.
බටලන්ද නිවාස යෝජනා ක්‍රමයේදී අසූ අට අනූව කාල සීමාවේදී සිදුවී ඇතැයි පැවසෙන වද බන්ධන සහ ඝාතන සම්බන්ධ කරුණු මෙම ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට ඇතුළත්වේ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
බටලන්ද ඝාතන හොයන්න නීතිපතිගෙන් කමිටුවක්
කල් ගටස් Sunday, 18 May 2025 07:37 PM
අපේ දෙමාපියන්ගේ ID ත් හොයලා දෙන්න බැරිද...?