IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බංගලා නොදී කට්ටි පනින හිටපු ඇමැතින්ට හෙටින් පසු නඩු

(සුජිත් හේවාජුලිගේ)

රජයේ බංගලා බාර නොදෙන හිටපු ඇමැතිවරුන්ට අදින් (30)  පසු නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා,  පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය  පවසයි.

මේ අනුව සියලුම  බංගලා අද දිනයේ බාරදී අවසන් කළ යුතුවේ. හිටපු අමාත්‍යවරුන් දොළොස් දෙනකු රජයේ නිල නිවාස තවමත් බාරදී නැති බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

හිඟ ජල සහ විදුලි බිල්පත්   සම්පූර්ණයෙන්ම ගෙවා  අවසන් කිරීමෙන් පසු නිල නිවාස බාර දෙන්නැයි අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන්ට පසුගියදා දැනුම් දුන්නේය.

හිඟ බිල්පත් සහිතව නිල නිවාස බාර  නොගන්නා බවද  අමාත්‍යාංශය පවසයි.මේ අතර හිටපු අමාත්‍යවරුන්ගේ බංගලාවල ගෘහ භාණ්ඩ ඇතුළු වත්කම් සම්බන්ධයෙන්  අමාත්‍යාංශය  කළ  මූලික පරීක්ෂා  දැනට අවසන් කර ඇත.රජයට අයත්  අමාත්‍ය නිල නිවාස සංඛ්‍යාව 28කි.



අදහස් (3)

බංගලා නොදී කට්ටි පනින හිටපු ඇමැතින්ට හෙටින් පසු නඩු

chinthaka Wednesday, 30 October 2024 11:13 AM

කොහොමද ? සීයා බලයට ආවානම් ඔහොම කරයිද

:       0       11

Kazi Shajahan Wednesday, 30 October 2024 11:26 AM

ඔය මිනිස්සුන්ගේ නම කියන්න .ජනතාවට දැනගන්න .Npp එකත් බයවෙලා වගේ නම් දාන්නේ නැත්තේ

:       2       15

Bunny Preena Wednesday, 30 October 2024 01:51 PM

අදින් පසු 2048න් පසු වෙන්නත් පුළුවන්...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site