IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බැකෝ සමන්ගේ බිරිඳගේ - ඥාතීන්ගේ බැංකු ගිණුම් තහනම් කරයි

(රෝෂන් තුෂාර)

ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන  රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකළ  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳගේ  සහ ඥාතීන්ගේ බැංකු ගිණුම් 13 ක් කොළඹ මහාධිකරණය මගින් අද දිනයේදී තහනම්  කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා  හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද පැවසීය.

සැකකාරිය 2020 වසරේසිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතු වූ තැනැත්තියක් බවට විමර්ශන මගින් කරුණු අනාවරණය වන බවත් ,අදාළ  බැංකු ගිණුම්වල මහා පරිමාණ වශයෙන් මුදල් සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරන බවත් නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ශී  හේරත් මහත්මිය සඳහන් කළාය.

දෙපර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාරියගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් සහ මත්ද්‍රව්‍ය  ජාවාරම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉදිරි දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් සැකකාරිය ලබන 23දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.



අදහස් (2)

බැකෝ සමන්ගේ බිරිඳගේ - ඥාතීන්ගේ බැංකු ගිණුම් තහනම් කරයි

සෙනෙවිරත්න Friday, 10 October 2025 07:29 AM

අනුර නොවෙි නමි මේ මුදල් පාලකයන් සහ පොලිසිය අතර බෙදී යනු ඇත, ජාතියේ පිනට පාලනය මාරු උනා.

:       0       0

සෙනෙවිරත්න Friday, 10 October 2025 07:31 AM

චාමර බඩා කෙලින කෙප්ප විශ්වාස කරන බත්කන හරක් ඉන්නව. ඒවගේම මගේ නමින් පච ලියන කොන්දක් නැති අයෙක් ඉන්නව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site