(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවීම පාර්ලිමේන්තු පණතක් ලෙස සම්මත කරන බැවින් සියලු ආයතන එම වැටුප් වැඩිවීම අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බව විදේශ කටයුතු ,විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
රජය අයවැයෙන් වැඩි කරන ලද වැටුප යම් පෞද්ගලික ආයතනයක් මෙතෙක් ලබාදී නැතිනම් අප්‍රේල් මස සිට හිඟ මුදල් ද සමග දැන් ගෙවිය යුතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.
සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් සහ සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
පෞද්ගලික අංශයට වැඩි කළ වැටුප දැන් අනිවාර්යෙන් ගෙවිය යුතුයි
යෝගා Tuesday, 22 July 2025 04:43 PM
ඔය වගේ මෝඩ බලහත්කාරකම් කෙරුවම වෙන්නේ කර්මාන්ත වැහිලා අපනයන අඩුවෙන එක. මේ වගේ අකාර්යක්ෂම, ගන්න පුළුවන් නිවාඩු සේරම ගන්න ශ්‍රම බලකායකට තව වැඩි පඩිත් දුන්නම ආයෝජකයෝ නම් එන්නේ නෑ. මේ වෙනුවට, කිව්ව විදියට, අත්‍යාවශ්‍ය දේවල් වල වැට් බද්ද අඩු කරන්න බැරි ඇයි?
[email protected] Tuesday, 22 July 2025 04:57 PM
පඩි වැඩි වීම ගැසට් එක කම්කරු දෙපාර්තුමේන්තුවට යැව්වම එයාල තමයි ආයතන වලට කියන්නෙ එතකොට පඩි වැඩි වෙනවලු නමුත් මෙයාල කම්කරු දෙපාර්තමේන්තුවට එහෙම එකක් දීල නැහැ කම්කරු එකෙන් ඇහැව්වම කිව්වෙ එහෙමයි